gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

සිංගප්පූරුවේ සිට එනවා කියපු ශිරන්ති රාජපක්ෂ තවම නෑ!

හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ආන්දෝලනාත්මක සිරිලිය ගිණුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබියදී සිංගප්පූරුව බලා පිටත්ව යාම දැඩි කතාබහකට ලක්ව තිබේ. 

ඇය රෝහිත රාජපක්ෂ මහතාගේ බිරිඳගේ මව වන ඈන් ද ලිවේරා මහත්මිය ද සමඟ පසුගිය බදාදා (සැප්තැම්බර් 16) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ 469 දරන ගුවන් යානයෙන් විදේශගත වී ඇත.

කොළඹ පෞද්ගලික රෝහලක සතියක පමණ කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී රෝහලෙන් පිටවූ වහාම ඇය සෘජුවම ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත. මූල්‍ය අපරාධ විමර්ශන නිලධාරීන් ගුවන් තොටුපොළ වෙත පැමිණ ගුවන් යානයට ගොඩවීමට ආසන්න මොහොතේ අදාළ කැඳවීම පිළිබඳව දැනුම් දී ඇති අතර, ඇය වෙනුවෙන් එම ලේඛනය භාරගෙන ඇත්තේ ඇය සමඟ ගමන් කළ ඥාතියෙකි.

මෙම සංචාරය නීතියෙන් පලා යාමේ උත්සාහයක් බවට එල්ල වන චෝදනා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රතික්ෂේප කළේය. පවතින රෝගී තත්ත්වයට වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ පරම අරමුණින් පමණක් ඇය සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහල වෙත ඇතුළත් වී විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දෙමින් සිටින බවත්, සිරිලිය ගිණුමට අයත් මුදල් කිසිදු අඩුවක් නැතිව සුරක්ෂිතව පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත්, හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා රටින් බැහැර වූ බව පැවසුව ද ඇය සාප්පු සවාරියේ යෙදෙන ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය වෙත ලැබීමත් සමඟ සිදුවීම කෙරෙහි දැඩි අවධානයක් යොමු විය. මාධ්‍ය ප්‍රකාශකවරයා ඇය 19 වනදා නැවත පැමිණෙන බව පැවසුවද ඇය මෙතෙක් දිවයිනට පැමිණ නැති අතර, එළඹෙන සැප්තැම්බර් 24 වනදා නියමිත පරිදි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට අවශ්‍ය පියවර ගනිමින් සිටී.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka