දළදා කරඬු මාරුව ගැන පුරාවිද්‍යාවෙන් සොයයි... මහ නාහිමිවරුන්ගෙනුත් විමසයි!
ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින ශ්‍රී දළදා මාලිගාවේ කරඬුව මාරු කිරීම සිදුව ඇති ආකාරය පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් සේන වික්‍රමසිංහ විසින් (18 වැනිදා) නිරීක්ෂණය කළේය. එහිදී ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ නිරුපද්‍රිතව වැඩවාසය කරන බවත්, දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින කරඬුවට හෝ පරිවාර කරඬුවලට කිසිදු හානියක් සිදුව නැති බවත් දියවඩන නිලමේවරයා මෙහිදී ඔහුට පෙන්වා දී තිබේ.
දන්ත ධාතූන් වහන්සේ වැඩසිටින කරඬුව ඇතුළු පරිවාර කරඬුවල ආරක්ෂාවට යොදාගෙන තිබූ දෙවැනි විමලධර්මසූරිය රජු විසින් කරවන ලදැයි කියන රන් ආලේපිත කරඬුව ද ඉතා සුරක්ෂිතව ඇති බව මෙහිදී පුරාවිද්‍යා කොමසාරිස්වරයා විසින් නිරීක්ෂණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා කොමසාරිස්වරයාගෙන් අප කළ විමසුමකදී ඔහු පෙන්වා දුන්නේ නීතිරීති හා අතීත සම්ප්‍රදායන් කෙරෙහි අවධානය යොමු කර මල්වතු හා අස්ගිරි මහ විහාරවල මහනාහිමිවරු හා දියවඩන නිලමේ සිදුකර ඇති කරඬුව මාරු කිරීම ගැන තවදුරටත් සොයා බලා කටයුතු කරන බවය.
මෙම නිරීක්ෂණයට පුරාවිද්‍යා කොමසාරිස් සමග බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ද එක්ව සිටි අතර ඔවුන් මල්වතු අස්ගිරි මහනාහිමිවරු ද බැහැ දැක මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන ඇත.
මේ පුවත තව අයට බලන්න
දළදා කරඬු මාරුව ගැන පුරාවිද්‍යාවෙන් සොයයි... මහ නාහිමිවරුන්ගෙනුත් විමසයි!
2026-09-21T12:53:00+05:30
Gossip Lanka Hot News






