gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ළමයින් සම්බන්ධ පුවත් වාර්තා කිරීමේදි ගෞරවය, පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය ආරක්ෂා කරන්න මාධ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් එයි

ළම­යින් සම්බන්ධ පුවත් වාර්තා කිරී­මේදී ඔවුන්ගේ ගෞර­වය, පෞද්ග­ලි­ක­ත්වය සහ රහ­ස්‍ය­භා­වය ආරක්ෂා කිරීම සඳහා ජාතික මාධ්‍ය මාර්ගෝ­ප­දේශ සංග්‍ර­හ­යක් සකස් කර ඇති බව කාන්තා සහ ළමා කට­යුතු පිළි­බඳ අමා­ත්‍යාං­ශ­යීය උප­දේ­ශක කාරක සභා­වේදී අනා­ව­ර­ණය වෙයි.

කාන්තා සහ ළමා කට­යුතු ඇමැ­තිනි සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහ­ත්මි­යගේ සභා­ප­ති­ත්ව­යෙන් පසු­ගි­යදා පාර්ලි­මේ­න්තු­වේදී රැස් වූ කාරක සභා­වේදී මේ බව සාක­ච්ඡා­වට ලක්ව ඇත.

විදත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ඔස්සේ ළම­යින් සම්බන්ධ පුවත් වාර්තා කිරී­මේදී ඔවුන්ගේ උප­රිම යහ­පත සැල­සීම, සත්‍ය­තාව සහ සාධා­ර­ණ­ත්වය ආරක්ෂා කිරීම මෙන්ම ළම­යින් හා ඔවුන්ගේ පවුල් අන­වශ්‍ය ලෙස නිරා­ව­ර­ණය වීම වැළැ­ක්වීම මෙම මාර්ගෝ­ප­දේශ සංග්‍ර­හයේ ප්‍රධාන අර­මුණු ලෙස හඳු­නා­ගෙන තිබේ. ආබා­ධිත දරු­වන් සම්බ­න්ධ­යෙන් මාධ්‍ය වාර්තා­ක­ර­ණ­යේදී ඔවුන්ගේ ගෞර­වය සහ අයි­ති­වා­සි­කම් ආරක්ෂා වන පරිදි කට­යුතු කිරීමේ අව­ශ්‍ය­තාව ද මෙහිදී අව­ධා­ර­ණය කර ඇත.

දෙමළ භාෂාව කතා කරන ප්‍රදේ­ශ­වල කාන්තා සහ ළමා ඒකක ශක්ති­මත් කිරීම සඳහා දෙමළ භාෂාව හැසි­ර­විය හැකි පොලිස් නිල­ධා­රි­නි­යන් බඳවා ගැනීම සහ පුහුණු කිරීම පිළි­බ­ඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ. යාප­නය ඇතුළු ප්‍රදේ­ශ­වල කාන්තා­වන්ට සහ ළම­යින්ට තම පැමි­ණිලි ඉදි­රි­පත් කිරී­මේදී පව­තින භාෂා­මය අප­හ­සුතා මඟ­හ­රවා ගැනීම මෙහි අර­මුණ විය. දිව­යින පුරා පව­තින ළමා නිවාස පාල­නය සහ අධී­ක්ෂ­ණය විධි­මත් කිරීම සඳහා මධ්‍ය­ගත තොර­තුරු පද්ධ­ති­යක් හඳුන්වා දීමේ අව­ශ්‍ය­තාව ද කාරක සභා­වේදී අව­ධා­න­යට ලක් විය. දරු­වන්ට සිදු­වන හිංසන වැළැ­ක්වීම සඳහා එම ආය­ත­න­වල කළ­ම­නා­කා­රී­ත්වයේ වග­කීම තහ­වුරු කිරීමේ අව­ශ්‍ය­තා­වද මෙහිදී කාරක සභාව විසින් පෙන්වා දෙන ලදි.

වයස අවු­රුදු පහට අඩු දරු­වන් සිටින මවු­ව­රුන් විදේශ රැකියා සඳහා පිට­ත්වීම සම්බ­න්ධ­යෙන් පව­තින කරුණු පිළි­බ­ඳව ද සාකච්ඡා වූ අතර, ඒ සම්බ­න්ධ­යෙන් තාක්ෂ­ණික කමි­ටු­වක් මඟින් අව­සන් තීර­ණ­යක් ගැනී­මට නිය­මිත බව සඳ­හන් විය. විදේශ රැකි­යා­වල නිරත කාන්තා­වන්ගේ දරු­වන් සඳහා අධ්‍යා­ප­නික විය­දම් ප්‍රති­පූ­ර­ණය කිරීමේ වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක කිරීම පිළි­බ­ඳව ද අව­ධා­නය යොමු විය.

එමෙන්ම, 2027 වන විට සියලු පෙර පාසල් සඳහා පොදු ප්‍රමි­තීන් හඳුන්වා දීම, පෙර පාසල් ගුරු­ව­රුන් සඳහා පොදු පුහුණු හා සහ­තික ක්‍රම­වේ­ද­යක් ඇති කිරීම සහ පෙර පාස­ල්වල පව­තින යටි­තල පහ­සු­ක­ම්වල ගැටලු විස­ඳීම පිළි­බ­ඳව ද සාකච්ඡා කෙරිණි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka