gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ජානකී මිලියන 40ක් 10 ක් 20 ක් අවස්ථා 3 කදී නාමල්ට අල්ලස් ගෙවූ හැටි හෙළිවේ!

කොළඹ කොටුවේ පිහිටි ට්‍රාන්ස්වර්ක්ස් චතුරස්‍ර ඉඩම නාගරික සංවර්ධන අධිකාරියෙන් ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් කොළඹ පෞද්ගලික සමාගම වෙත ලබාගැනීමට සහ ඊට අදාළ අනුමැතීන් වේගවත් කරගැනීමට රුපියල් මිලියන 70 ක අල්ලසක් ලබාදුන්නේ යැයි කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එම සමාගමේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂිකා ගීතාංජලී ජානකී ද සොයිසා සිරිවර්ධන වරකාගොඩ ලබන ඔක්තෝබර් 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අමිත් කට්ටයාර් සහ රාජේන්ද්‍ර ප්‍රසාද් යන ඉන්දීය ජාතිකයන්ට මෙන්ම නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ. එමෙන්ම, එයාර්බස් ගනුදෙනුවට අදාළ අල්ලස් චෝදනාවක් මත දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂගෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට ද අල්ලස් කොමිසම අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.

රග්බී ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ මුවාවෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් නාමල් රාජපක්ෂට එරෙහිව මහාධිකරණයේ නඩුවක් ගොනුකර තිබුණ ද, අල්ලස් දීම සහ ලබාගැනීම පිළිබඳ විමර්ශනය දූෂණ විරෝධී පනත යටතේ වෙනමම සිදුකරන බව කොමිසම සඳහන් කළේය. කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ, නීතිඥ අමා විජේසිංහ කරුණු දක්වමින් කියා සිටියේ 2023 වසරේ ලද ලිඛිත පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කළ බවයි.

ක්‍රිෂ් සමාගමේ මාතෘ සමාගම වන මහාදේව් සමාගමේ නියෝජිතවරියක ලෙස කටයුතු කළ මෙම සැකකාරිය, අනෙක් අධ්‍යක්ෂවරුන් සමඟ එක්ව නිමල් හේමසිරි පෙරේරා නැමැත්තාගේ බැංකු ගිණුම හරහා 2012 වසරේ ඔක්තෝබර් 15 දින රුපියල් මිලියන 40 ක්ද, නොවැම්බර් 18 දින රුපියල් මිලියන 10 ක්ද, දෙසැම්බර් 12 දින රුපියල් මිලියන 20 ක්ද වශයෙන් අවස්ථා තුනකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙත මෙම මුදල් ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. සැකකාරිය මෙම සියලු ගනුදෙනු පිළිබඳව පූර්ණ දැනුවත්භාවයකින් කටයුතු කර ඇති බවත්, ඇය අහිංසක චේතනාවෙන් කටයුතු කර නොමැති බවත් කොමිසම අවධාරණය කළේය.

විමර්ශන සඳහා සහාය වන ලෙස ලියාපදිංචි තපෑලෙන් දැනුම් දුන්නද මෙතෙක් ඊට ප්‍රතිචාර නොදැක්වූ ඉන්දීය ජාතික අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ද කොමිසම ඉල්ලා සිටියේය. මුදල් හුවමාරු වූ බැංකු ගිණුමේ හිමිකරු වන ප්‍රධාන සාක්ෂිකරු නිමල් හේමසිරි පෙරේරා දැනට ඕස්ට්‍රේලියාවේ පසුවන අතර, තමාට එල්ල වී ඇති ජීවිත තර්ජන හේතුවෙන් ලංකාවට පැමිණීමට නොහැකි බව දන්වා ඇත. දූෂණ විරෝධී පනතේ 149 වන වගන්තිය යටතේ නිකුත් කළ සහතිකය ද සමඟින් සැකකාරිය ඉදිරිපත් කළ අල්ලස් කොමිසම, ඉදිරියේදී සමාගම ද සැකකරුවකු ලෙස නම් කරන බවත්, ඇප ලබාදීමට තරම් විශේෂ කරුණක් නොමැති බැවින් ඇය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ඉල්ලා සිටියේය.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිල දිසානායක කරුණු දක්වමින් කියා සිටියේ 2015 වසරේ කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2016 දී නාමල් රාජපක්ෂට එරෙහිව බී වාර්තාවක් ඉදිරිපත් කළ අතර, 2025 දී ඒ සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩුවක් ගොනුකළ බවයි. එම මහාධිකරණ නඩුවේදී මෙම සැකකාරිය මෙන්ම ඉන්දීය ජාතිකයන් දෙදෙනා ද සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති බැවින්, එකම සිද්ධියට අදාළව සාක්ෂිකරුවන් ලෙස සිටින පිරිසක් සැකකරුවන් කරන්නේද යන්න තීරණය කළ යුත්තේ අධිකරණය මිස අල්ලස් කොමිසම නොවන බව නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka