22 සංශෝධනය 2/3න් සම්මතයි.. මාලිමා 158ම ඡන්දය දෙයි.. විපක්ෂව 63යි..
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය. එහිදී ඊට පක්ෂව ඡන්ද 158 ක් සහ විපක්ෂව ඡන්ද 63ක් හිමිවිය.
විපක්ෂය ඇතුළු සිවිල් සමාජවල විරෝධය මැද මෙය සම්මත කර ගැනීමට සිදුවිය.
මෙම පනත් කෙටුම්පත්වල ඇති කරුණු අභියෝග කරමින් පෙත්සම් රැසක් සහ ඊට සහාය පළකරමින් අතරමැදි පෙත්සම් ඇතුළුව පෙත්සම් රැසක් ඉදිරිපත් විය.
මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය පසුගිය 22වන අඟහරුවාදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එහිදී 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබුණි.
ඒ අනුව එම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය ඊයේ (24) සහ අද (25) පැවැත්විණි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට අදාළ ඡන්දය විමසීම අද (25) රාත්‍රී 07.15ට පමණ සිදුවිය.
22 සංශෝධනය 2/3න් සම්මතයි.. මාලිමා 158ම ඡන්දය දෙයි.. විපක්ෂව 63යි..
2026-09-25T19:43:00+05:30
Gossip Lanka Hot News






