gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

සිය සැමියාට අත්හිටවූ සිරදඩුවමක් දෙන්න අල්ලස් දුන් සරණගේ බිරිද අත්අඩංගුවට!

අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ඇමති සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ ඔක්තෝබර් මස 06වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබේ.

කොළඹ අංක 11 මහාධිකරණයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විභාග වන නඩුවකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එම නඩුවේදී අත්හිටවූ සිරදඬුවමක් ලබාදෙන ලෙස විනිසුරුවරයාට බලපෑම් කිරීම සඳහා අධිකරණ කාර්යාලයේ කාර්ය සහායකයෙකුට රුපියල් 50,000ක මුදලක් අල්ලස් ලෙස ලබාදුන් බවට ඇයට චෝදනා එල්ල වී තිබෙනවා.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka