gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පෙරේරා ඇන්ඩ් සන්ස් එකේදී ඥානසාර හිමිට කලන්තෙ හැදිලා!

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිකරණය හමුවේ පෙනී සිටීමට පැමිණෙමින් සිටියදී ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා වෙත ඊයේ (24) දැනුම් දුන්නේය.

ඊයේ උදෑසන මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන ස්වාමීන් වහන්සේ නමකගේ සුවදුක් විමසීමෙන් අනතුරුව අලුත්කඩේ අධිකරණය වෙත පැමිණෙමින් සිටි ඥානසාර හිමියන්, අධිකරණය අසල පිහිටි පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) අවන්හලෙන් ආහාර ගනිමින් සිටියදී මෙලෙස ක්ලාන්ත වී තිබේ. ඒ හේතුවෙන් අසනීප තත්ත්වය මත උන්වහන්සේට අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වූ බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේය. එසේම, උන්වහන්සේ සමග එම අවස්ථාවේ වැඩම කළ විහාරගල විජිත හිමියන් ද අධිකරණය හමුවේ පෙනී සිටිමින් මෙම තත්ත්වය තහවුරු කර ඇත.

ඉස්ලාම් ආගමට අපහාස කිරීමේ චෝදනාව මත වරදකරු වීමෙන් පසුව ඥානසාර හිමියන්ට නියම කර ඇති මාස නවයක සිර දඬුවම ක්‍රියාත්මක නොකිරීමට යම් හේතුවක් ඇත්නම්, ඒ පිළිබඳව ලබන මස 01 වැනිදා කරුණු දක්වන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා නියෝග කළේය. අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටි අතර, උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා ඇතුළු නීතිඥ මණ්ඩලය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ. එසේම, අදාළ නීතිමය කරුණු විත්තිකරු අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව ඉදිරිපත් කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා එහිදී දන්වා සිටියේය. විත්තිකාර හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරයාට අමතරව නීතිඥ ගුණරත්න වන්නිනායක සහ නීතිඥ සංජීව ඇන්තනී යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මෙම නඩුවට පාදක වී ඇත්තේ 2016 වසරේ ජූලි මාසයේදී කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් ඥානසාර හිමියන් කළ ප්‍රකාශයකි. "ඉස්ලාමය පිළිකාවක්" බවත් එය "අතුගා දැමිය යුතු" බවටත් උන්වහන්සේ කළ ප්‍රකාශය හරහා ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කර ඇති බවට චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය නියෝජනය කරමින් පොලිසිය විසින් මෙම නඩුව පවරා තිබිණි.

එහිදී වරදකරු වූ උන්වහන්සේට මාස 09ක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් මෙන්ම රුපියල් 1500ක දඩයක් ද අධිකරණය විසින් නියම කරනු ලැබීය. එම තීන්දුවට එරෙහිව මහාධිකරණයට ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම්පත ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව, මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළේය. අදාළ අභියාචනය සලකා බලන තෙක් දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස ද ඔහු එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති අදාළ නඩුව 2027 පෙබරවාරි 23 වැනිදා කැඳවීමට මේ වන විට දින නියම කර තිබේ. 
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka