22ට විරෝධය පළ කරමින් සජබ මන්ත්‍රීවරු කළු ඇඳුමින් පාර්ලිමේන්තුවට!
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද (25) කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.
අදාළ පනත් කෙටුම්පත් සම්බන්ධ දෙවන වර කියවීමේ විවාදයේ අවසන් දිනය අද වන අතර, ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
අදාළ පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම සඳහා වන පාර්ලිමේන්තු විවාදය ඊයේ (24) ආරම්භ වූ අතර, එය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ආරම්භ කර තිබෙනවා.
මේ අතර, 22 වන සංශෝධනයට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය විසින් ඊයේ බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේදී විරෝධතාවක්ද පැවැත්වූ බව සඳහන්.
“ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ පැවති එම විරෝධතාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ දේශපාලනඥයින් පිරිසක් එක්ව සිටියා.
මේ පුවත තව අයට බලන්න
22ට විරෝධය පළ කරමින් සජබ මන්ත්‍රීවරු කළු ඇඳුමින් පාර්ලිමේන්තුවට!
2026-09-25T13:13:00+05:30
Gossip Lanka Hot News





