මුදල් වංචා කල බව මන්ත‍්‍රී අධිකරණයේදී පිලිගනී... වංචා කල මුදල ගෙවන්න පොරොන්දු වේ!
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් හැටන් රුවන්පුර ප්‍රදේශයේ ඉඩම් කැබලි ලබා දෙන බවට පොරොන්දු වී පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගත් හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරින් විසින් (24) දින අත්අඩංගුවට ගෙන (25) දින හැටන් මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු සැකකරු අධිකරණය හමුවේ වරද පිලිගෙන ලබා ගත් රු. හය ලක්ෂ තිස්පන්දහසක මුදල අධිකරණය හමුවේ ගෙවීමට එකග වූ නිසා සැකකරු රු.50,000ක ශරීර ඇප මත මුදා හැර යලිත් මෙම නඩුව (10/22)දින කැදවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කලහ.
මෙසේ අධිකරණය හමුවේ වරද පිලිගනු ලැබූවේ හැටන් ප්‍රදේශයේ පදිංචි හැටන් දික්ඔය නගර සභාවේ (ලංකා කම්කරු කොන්ග්‍රසයේ) නාගරික මන්ත්‍රී සුන්දරරාජ් ප්‍රභාකරන් යන අයයි.
සැකකරු 2022 වසරේ සිට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ක්ශේත්‍ර නිළදාරියෙකු සමග එක්ව හැටන් රුවන්පුර ප්‍රදේශයේ එම කොමිශන් සභාවට අයත් ඉඩම් කැබලි ලබා දෙන බවට පොරොන්දු වී සැකකරුගේ ගිණුමට රු. හය ලක්ෂයේ සිට ලක්ෂ 15 දක්වා පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් මුදල් ලබා ගෙන මෙතෙක් කල් මෙම ඉඩම ලබා නොදීම සම්බන්ධයෙන් අදාළ නාගරික මන්ත්‍රීවරයාට එරෙහිව හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ කරන ලද පැමිණිල්ලක් මත හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතාගේ අධික්ෂණය යටතේ විමර්ෂන සිදු කල හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්තද සිල්වා මහතා සැකකරුගේ බැංකු ගිණුම් වාර්ථා ලබාගෙන සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූහ.
අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් හැටන් පොලිසියේ අපරාධ විමර්ෂන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්තද සිල්වා මහතා කියා සිටියේ සැකකරු මෙවැනි මුදල් වංචා ගණනාවකට සම්බන්ධ බවත්, ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලැබීමෙන් පසු ඉදිරි විමර්ෂන කටයුතු සිදු කරන බවත්, මෙම මුදල් වංචාවට සම්බන්ධ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිශන් සභාවේ ක්ශේත්‍ර නිළධාරියාද අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අධිකරණය හමුවේ කියා සිටියේ සැකකරු වරද පිලිගත් නිසා එම මුදල (25) දිනම පැමිණිලිකරුට නොගෙවන්නේ නම් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට සිදු වන බවයි.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණය හමුවේ කියා සිටියේ පැමිණිලිකරුගේ මුදල අධිකරණය හමුවේ (25) දිනයේ ගෙවීමට සැකකරු එකග බවයි.
- රංජිත් රාජපක්ෂ
මේ පුවත තව අයට බලන්න
මුදල් වංචා කල බව මන්ත‍්‍රී අධිකරණයේදී පිලිගනී... වංචා කල මුදල ගෙවන්න පොරොන්දු වේ!
2026-09-25T17:56:00+05:30
Gossip Lanka Hot News






