gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ඥාණසාර හිමි අතුරුදන්.. ඇපකරුවොත් අතුරුදන්.. අල්ලන්න වරෙන්තු පිට වරෙන්තු...

ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකළ බවට එල්ල වී ඇති චෝදනාවකට අදාළ නඩුවක් සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කළේය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

එහිදී උන්වහන්සේ අසනීප තත්ත්වයෙන් පසුවන බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කෙරුණු නමුත්, විත්තිකාර හිමියන්ගේ ඇපකරුවන් කිසිවකුත් අධිකරණය හමුවේ පෙනී නොසිටි බව වාර්තා වේ.

ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසෝක වීරසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම නඩුකරය කෙටියෙන් අවසන් කර ගැනීමට තම සේවාදායක හිමියන් අපේක්ෂා කරන බවත්, ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත කරුණු දක්වමින් නියෝජන ඉදිරිපත් කර ඇති බවත්ය.

කෙසේ වෙතත්, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, විත්තිකාර හිමියන් වෙනුවෙන් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාව සම්බන්ධයෙන් අධිකරණයට සෑහීමකට පත්විය නොහැකි බව ප්‍රකාශ කළේය.

එමෙන්ම උන්වහන්සේගේ ඇපකරුවන්ද අධිකරණය මඟහැර සිටීම හේතුවෙන්, ඥානසාර හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කිරීමට විනිසුරුවරයා නියෝග කළේය.
-lankacnews
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka