gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

උසාවි බිමේදී පුද්ගලික මාධ්‍ය කැමරා ශිල්පියෙකු රනිල්ගේ ආරක්‍ෂක පොලිස් නිලධාරියෙකුට පහර දේ.. (Video)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබූ නඩුවක් අද (30) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමෙන් අනතුරුව, හිටපු ජනාධිපතිවරයා අධිකරණයෙන් පිටතට පැමිණෙමින් සිටියදී ඔහුගේ ආරක්ෂක පොලිස් නිලධාරියෙකුට පුද්ගලික මාධ්‍ය ජාලයක කැමරා ශිල්පියෙකු විසින් පහරදී ඇත.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසලදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, අදාළ කැමරා ශිල්පියා තමා අත තිබූ වීඩියෝ කැමරාවෙන් ආරක්ෂක නිලධාරියාගේ හිසට පහර දෙන ආකාරය එම ස්ථානයේ රැඳී සිටි සෙසු මාධ්‍යවේදීන් රැසකගේ කැමරාවල සටහන්ව ඇත.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටියදී එල්ල වූ මෙම මැර ප්‍රහාරයෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.

එම වීඩියෝව පහතින් 

ආරක්ෂක පොලිස් නිලධාරියා පරීක්ෂණයක් සදහා රෝහල්ගත කළ අයුරු 

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka