තම ලයිස්තුවට නොබෙදුවයි මාලිමා මන්ත‍්‍රී ග‍්‍රාම සේවකට පහර දීලා.. චෝදනා ගොනු කරන්නැයි පොලිසියට උසාවියෙන් නියෝග...
දිසාපතිවරයාගේ නිර්දේශිත නාමලේඛනයට අනුව ආහාර බෙදාදීම හේතුවෙන් කිලිනොච්චිය, කුමාරපුරම් ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරීවරයාට පහරදුන් බවට චෝදනා ලැබ සිටින ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව මාසයක් ඇතුළත චෝදනා ගොනු කරන ලෙස කිලිනොච්චිය මහේස්ත්‍රාත්වරයා (28) පොලිසියට නියෝග කළේය.
අදාළ මන්ත්‍රීවරයා විසින් ලබාදුන් නාමලේඛනය ප්‍රතික්ෂේප කරමින්, දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිල නාමලේඛනයට අනුව ජනතාව වෙත ආහාර බෙදාදීමට කටයුතු කිරීම හේතුවෙන් උරණ වූ මන්ත්‍රීවරයා මෙම පහරදීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
පහරකෑමට ලක්වූ ග්‍රාම නිලධාරීවරයා එම සිදුවීම වූ දිනදීම පොලිසියට ගොස් පැමිණිලි කර තිබුණද, පොලිසිය ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා මන්ත්‍රීවරයාට එරෙහිව මෙතෙක් නීතිමය පියවර ගෙන හෝ චෝදනා ගොනු කර නොමැති බව නඩු විභාගයේදී හෙළි විය.
එම කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා, සිද්ධිය පිළිබඳව වහාම පූර්ණ විමර්ශනයක් සිදුකර ඊට අදාළ වාර්තාව සහ මන්ත්‍රීවරයාට එරෙහි චෝදනා පත්‍රය මාසයක් ඇතුළත අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කර සිටියේය.
-lankacnews
තම ලයිස්තුවට නොබෙදුවයි මාලිමා මන්ත‍්‍රී ග‍්‍රාම සේවකට පහර දීලා.. චෝදනා ගොනු කරන්නැයි පොලිසියට උසාවියෙන් නියෝග...
2026-09-30T23:09:00+05:30
Gossip Lanka Hot News





