gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘යුපුන් ඔයාට අපෙන් මොනවද වෙන්න ඕන... එහෙම ඇහුව එකම ක‍්‍රීඩා ඇමතියි... ඒ නාමල් රාජපක්‍ෂයි’ - යුපුන් අබේකෝන්

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස සැලකෙන  ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන්, හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තමන්ට ලබාදුන් සහයෝගය පිළිබඳව විශේෂ අදහස් දැක්වීමක් සිදුකර තිබේ.

යූ ටියුබ් නාලිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකදී යුපුන් සඳහන් කළේ, 2020 වසරේදී තමන් දකුණු ආසියානු වාර්තාවක් තැබූ දිනයේම නාමල් රාජපක්ෂ මහතා තමන්ට දුරකථනයෙන් අමතා සුබ පැතූ බවයි. 

එහිදී අමාත්‍යවරයා, "යුපුන්, මට ඔයාව 2021 ටෝකියෝ ඔලිම්පික් උළෙලට යවන්න ඕනේ. ඒ වෙනුවෙන් මම මොනවද කරන්න ඕනේ?" යනුවෙන් විමසූ බව ඔහු පවසයි.

ක්‍රීඩකයෙකුට අවශ්‍ය දේ කුමක්දැයි විමසූ එකම අමාත්‍යවරයා ඔහු බවත්, අමාත්‍යවරයාට අවශ්‍ය දේ ක්‍රීඩකයා මත පැටවීමට වඩා ක්‍රීඩකයාගේ අවශ්‍යතාව හඳුනා ගැනීම ඉතා වැදගත් බවත් යුපුන් මෙහිදී අවධාරණය කළේය.

තමන් සහ තම පුහුණුකරු ඇතුළු කුඩා කණ්ඩායමට අවශ්‍ය වූ මූල්‍ය ප්‍රතිපාදන ඉතා කෙටි කලක් තුළ ලබාදීමට අමාත්‍යවරයා පියවර ගත් බවත්, ඒ හේතුවෙන් තමන්ට ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ලෝක මට්ටමේ තරඟාවලියකට සහභාගී වීමට අවස්ථාව ලැබුණු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා තමන් අමෙරිකානු ඩොලර් 300,000ක මුදලක් කොන්දේසියක් ලෙස රජයෙන් ඉල්ලා සිටි බවට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා කළ ප්‍රකාශය යුපුන් අබේකෝන් තරයේ ප්‍රතික්ෂේප කරයි.

යුපුන් අවධාරණය කළේ, අදාළ මුදල තමන් අලුතින් ඉදිරිපත් කළ කොන්දේසියක් නොව, 2021 වසරේ සිට තමන්ට සහ තම සහායක කණ්ඩායමට ලැබිය යුතුව තිබූ හිඟ මුදල් සහ පෙර පැවති රජයන් විසින් ලබා දීමට පොරොන්දු වූ ගෙවීම්වල එකතුවක් බවයි.

අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය හේතුවෙන් තමන් දැඩි කලකිරීමට පත්ව ඇති බව පවසන යුපුන් අබේකෝන්, එමගින් තමන් මුදලට පමණක් රට වෙනුවෙන් දුවන ක්‍රීඩකයෙකු ලෙස සමාජයට වැරදි චිත්‍රයක් මවා ඇති බව ද පෙන්වා දුන්නේය.

ක්‍රීඩාව යනු පියවරෙන් පියවර ඉදිරියට යා යුතු, අඛණ්ඩ සහයෝගය අවශ්‍ය ක්ෂේත්‍රයක් බව පෙන්වා දෙන යුපුන් අබේකෝන් , මෙවැනි පදනම් විරහිත ප්‍රකාශ මගින් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් අධෛර්යයට පත්වන බව වැඩිදුරටත් සඳහන් කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka