gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රී මහා බෝධිය ජීවිත අවදානමක... පරීක්‍ෂණ වාර්තාව වාර්තාව මෙන්න

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි මළුවෙහි මෑතකදී අතුරා ඇති ටෙරාකොටා ගල් හේතුවෙන් බෝධීන් වහන්සේගේ ජීවී පැවැත්මට සහ ආයු කාලයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බව මොරටුව සරසවියේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංගික හල්වතුර ඇතුළු විශේෂඥයින් කණ්ඩායමක් සිදු කළ පරීක්ෂණයකින් අනාවරණය වී ඇති බව Mee Massoo TV යූ ටියුබ් නාලිකාව විශේෂ විමර්ශනාත්මක වාර්තාවක් මගින් අනාවරණය කර තිබේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංගික හල්වතුර මහතා සහ 'ප්‍රෝග්‍රීන්' කණ්ඩායම විසින් සිදු කරන ලද දීර්ඝ විද්‍යාත්මක පර්යේෂණයක දත්ත පදනම් කර ගනිමින් මෙම කරුණුව හෙළි කර ගැනීමට හැකිව තිබෙනවා. 

මහාචාර්ය රංගික හල්වතුර මහතා ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කණ්ඩායමක් අනුරාධපුරයේ රැඳී සිටිමින් පැය 13ක කාලයක් පුරා සිදුකළ ක්ෂේත්‍ර පරීක්ෂාවකින් අනතුරුව මෙම නිගමනයන්ට එළඹ තිබේ. 

මේ සඳහා ඇමරිකාවෙන් ගෙන්වන ලද නවීන වායු ගුණාත්මක තත්ත්ව සහ උෂ්ණත්ව මාපක ඇතුලු නවීන තාක්ෂණික උපකරණ රැසක් භාවිතා කර ඇත.

එම පර්යේෂණ වාර්තාවට අනුව, මීට පෙර පැවති ස්වභාවික වැලි මළුව වෙනුවට ටෙරාකොටා ගල් ඇතිරීම නිසා එම භූමියේ මතුපිට උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ. 

මෙම අධික තාපය බෝධීන් වහන්සේගේ සංවේදී මූල පද්ධතියට සෘජුවම බලපාන අතර, පොළොවට ස්වභාවිකව ජලය උරා ගැනීමේ ක්‍රියාවලිය ද මෙමගින් සම්පූර්ණයෙන්ම පාහේ අඩාල වන බව මහාචාර්යවරයා පෙන්වා දෙයි. 

වසර 2300කට වඩා පැරණි ලොව පැරණිතම වෘක්ෂය වන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ස්වභාවික පරිසර පද්ධතිය මෙලෙස කෘතිමව වෙනස් කිරීම උන්වහන්සේගේ පැවැත්මට දැඩි අවදානමක් බවද මහාචාර්යවරයා විසින් මෙහිදී අනාවරණය කර තිබේ.

මධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා පෙන්වා දෙන්නේ මෙම අනවසර ටෙරාකොටා ඇතිරීමේ කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හෝ වෙනත් නිසි බලධාරියෙකුගේ පූර්ව අනුමැතියක් ලබාගෙන නොමැති බවයි. 

පුරාවිද්‍යා පනත උල්ලංඝනය කරමින් සිදුකර ඇති මෙම විකෘති කිරීම් සම්බන්ධයෙන් බලධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම පිළිබඳව ද මෙහිදී ප්‍රශ්න කර තිබේ.

මහාචාර්යවරයා විසින් සකස් කරන ලද වාර්තාව ඊයේ දිනයේ (23) අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුණවැවේ ඥානතිලක නාහිමියන් වෙත නිල වශයෙන් භාර දී ඇත. 

මීට අමතරව එහි පිටපත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ද යොමු කර තිබේ.

ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩක් බඳු වූ මෙම ඓතිහාසික උරුමය විනාශ වීමට ඉඩ නොදී, විද්‍යාත්මක නිර්දේශ මත පදනම්ව වහාම මෙම ටෙරාකොටා ඇතුරුම් ඉවත් කර බෝධීන් වහන්සේට හිතකර ස්වභාවික වටපිටාව යළි සකස් කරන ලෙස විද්වත්හු සහ සිවිල් සංවිධාන රජයෙන් ඉල්ලා සිටිති.

අදාල පරීක්‍ෂණ වාර්තාව මෙතනින්...
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka