මුදල් මංකොල්ලයේ මහමොළකරු ශාන්ත පුතාගේ පැටිකිරිය
රුපියල් මිලියන 20ක මුදලක් කොල්ලකෑමට අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ දෙවනි පුත්‍රයා වන අනුද බණ්ඩාර පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොටුව මහෙස්ත්‍රාත්වරයා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට (CCIB) ඊයේ (22) අවසර ලබාදී ඇත.
පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන කටයුතු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පවරා ඇති බව කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
පැය 24ක කාලයක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා අද (23) යළි සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියම කළේය.
චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් මිලියන 20ක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධව හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ දෙවනි පුත්‍රයා වන අනුද බණ්ඩාර පෙරේදා (21) දින අත්අඩංගුවට ගත්තේය.
අදාළ මංකොල්ලකෑම සැලසුම් කළ ප්‍රධාන සැකකරු අනුද බණ්ඩාර නමැත්තා බවට දැනට සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇති බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
මේ පුවත තව අයට බලන්න
මුදල් මංකොල්ලයේ මහමොළකරු ශාන්ත පුතාගේ පැටිකිරිය
2026-07-23T09:44:00+05:30
Gossip Lanka Hot News






