ආණ්ඩුවට එරෙහිව හිටපු අය ඔක්කොම 'අද' එකට එකතු වෙයි!
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අද (23) දින විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහි ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විපක්ෂයේ සියලුම පක්ෂ නායකයෝ කොළඹ විපක්ෂ නායක කාර්යාලයට වෙත කැඳවා ඇත.
රජයේ අත්තනෝමතික ක්‍රියාකලාපය, රටේ අධිකරණයේ යහපැවැත්ම බරපතල අභියෝගයට ලක්ව ඇති බවත් රටේ අධිකරණ ක්ෂේත්‍රය මුහුණපා ඇති මෙම අර්බුදය සඳහා විසඳුම් ලබාදෙන ලෙසට ආණ්ඩුවට බලකිරීමේ පියවරක් ලෙස මෙම රැස්වීම කැඳවා ඇත.
මෙම රැස්වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් ප්‍රමුඛ විපක්ෂයේ සියලු පක්ෂ නායකයන් කැඳවා ඇත.
මේ පුවත තව අයට බලන්න
ආණ්ඩුවට එරෙහිව හිටපු අය ඔක්කොම 'අද' එකට එකතු වෙයි!
2026-07-23T09:42:00+05:30
Gossip Lanka Hot News






