gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පල්ලේගම හිමිට සැනසුම් සුසුමක්... දැරියගේ යට ඇදුම්වල DNA නෑ!

අනුරාධපුර අටමස්ථානාධිපතිව සිටි පල්ලේගම හේමරතන හිමියන්ට එල්ල වී ඇති බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ බරපතළ චෝදනාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල අලුත්ම තත්ත්වය පිළිබඳව 'Mee Massoo TV' යූ ටියුබ් නාලිකාවේ මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා විසින් විශේෂ හෙළිදරව්වක් සිදු කර තිබේ.

ඔහු වාර්තා කරන පරිදි, මෙම සිද්ධියට අදාළව දැරිය විසින් නිවසක වළදමා තිබියදී සොයාගත් ඇගේ යට ඇඳුම් සම්බන්ධයෙන් සිදුකළ DNA පරීක්ෂණයේ මූලික වාර්තාව මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර 

එම වාර්තාවට අනුව, අදාළ යට ඇඳුම්වලින් DNA පරීක්ෂාව සඳහා යොදාගත හැකි කිසිදු ජෛව සාම්පලයක් හමු වී නොමැති බව අනාවරණය වී ඇති බව පැවසේ.

කෙසේ වෙතත්, මෙම පරීක්ෂණ කටයුතු මෙතෙකින් අවසන් නොවන බවත්, සැකකාර භික්ෂුවගේ රුධිර සාම්පල සහ සිද්ධියට අදාළ තවත් ද්‍රව්‍ය කිහිපයකට අදාල ජෛව සාම්පල සම්බන්ධයෙන්  සම්බන්ධයෙන් වන DNA පරීක්ෂණ වාර්තා ඉදිරියේදී ලැබීමට නියමිත බවත් එම නාලිකාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මුල් අවස්ථාවේ සිට කටයුතු කළ මන්දගාමී ස්වභාවය පිළිබඳව මාධ්‍යවේදී බිමල් රුහුණගේ මහතා විසින් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර,  ඊට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු පසුගියදා(22) මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබුණි. 

පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීමේදී මන්දගාමී පිළිවෙතක් අනුගමනය කරන බවත්, ඒ හේතුවෙන් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් රුහුණගේ මහතා සිය පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා නිට්ටඹුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබූ බව ද වාර්තාවේ.

ජාතික ළමාරක්ෂක අධිකාරිය ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇති අතර, පරීක්ෂණ කටයුතු කඩිනම් කරන ලෙස පොලිසියට උපදෙස් ලබා දී ඇත.

සැකකාර භික්ෂුව විසින් දැරිය රඳවා සිටි රෝහලේ කාර්ය මණ්ඩලයට බලපෑම් කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇති බව වාර්තාවෙන් හෙළිදරව් කර සිටියි.

මීට අමතරව, අදාළ භික්ෂුව සම්බන්ධයෙන් රුවන්වැලි සෑය සහ ශ්‍රී මහා බෝධිය ආශ්‍රිතව සිදුව ඇති බව කියන පුරාවිද්‍යාත්මක හා නීති විරෝධී ක්‍රියාකාරකම් කිහිපයක් පිළිබඳව ද එම නාලිකාව අවධානය යොමු කර තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka