gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හවුස් ඔෆ් ෆැෂන් අයිතිකරු ප්‍රීතිට ඇප දෙනවද? නැද්ද? තීන්දුව අද!

ශ්‍රී ලංකා රේගුව විසින් සිදුකරන විශේෂ විමර්ශනයකට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් කොළඹ ප්‍රධාන පෙළේ සුපිරි නිමි ඇඳුම් ආයතනයක් වන හවුස් ඔෆ් ෆැෂන් හි හිමිකරු අද (24) තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඖෂධ මිගාර මහාරච්චි මහතා ඊයේ (23) නියෝග කළේය.

ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධාන සහකාර නිවාරණ නිලධාරී ඒ.එම්.ටී.බී. අධිකාරම් විසින් පවරන ලද නඩුවේ සැකකරු වශයෙන් නම්කරන ලද අංක 25, බලපොකුණ පාර, කිරුළපන පදිංචි ජයවර්ධන මුදලිගේ ප්‍රියලාල් බන්දුල හෙවත් ප්‍රීති ජයවර්ධන නමැති අය එලෙස රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදාහරිනවාද? නැද්ද? පිළිබඳ නියෝගය අද (24) ප්‍රකාශයට පත්කරන බව ප්‍රකාශ කළේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රේගු නිලධාරියා කරුණු ඉදිරිපත් කරමින් සැකකරු විසින් හිමිකාරිත්වය දරන හවුස් ඔෆ් ෆැෂන් නිමි ඇඳුම් ආයතනයට අදාළ සමාගමේ ආනයන සම්බන්ධයෙන් 2026 වසරේ අප්‍රේල් 09 වැනිදා විමර්ශනයක් ආරම්භ කළ බව දන්වා සිටියේය.

එම රේගු විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත සැකකරු මෙම මස 16 වැනිදා ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඔහු බන්ධනාගාරගත කිරීමට ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා, මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට යෑමේදී සැකකරුට ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බව රේගු නිලධාරීන් දන්වා සිටියේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka