පාතාල සාමාජිකයන්ගේ හඬ පට සමාජ මාධ්‍යයට මුදාහැරීමේ සිද්ධියක් ගැන ප්‍රධාන පෙළේ සමාජ ක්‍රියාකරුවකු සම්බන්ධයෙන් පොලීසියේ දැඩි අවධානය
පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පාතාල සාමාජිකයන්ගේ හඬ පට සමාජ මාධ්‍යයට මුදාහරින පුද්ගලයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විශේෂ අවධානයක් යොමු කර ඇති බව වාර්තා වේ.
එම විමර්ශන අතරතුර ප්‍රධාන පෙළේ සමාජ ක්‍රියාකරුවකු සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු කිහිපයක් මත, මෙම හඬ පට සංවිධානාත්මක ලෙස සමාජ මාධ්‍යයට නිකුත් කිරීමේ ක්‍රියාවලියක් පවතින්නේද යන්න පිළිබඳව ද විමර්ශන ආරම්භ කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු රැස් කරමින් සිටින අතර, විමර්ශනවල ප්‍රගතිය අනුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණ ගනු ඇති බවද වාර්තා වේ.
පාතාල සාමාජිකයන්ගේ හඬ පට සමාජ මාධ්‍යයට මුදාහැරීමේ සිද්ධියක් ගැන ප්‍රධාන පෙළේ සමාජ ක්‍රියාකරුවකු සම්බන්ධයෙන් පොලීසියේ දැඩි අවධානය
2026-07-24T09:29:00+05:30
Gossip Lanka Hot News






