gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප්‍රසන්න ලබන අවුරුද්දේ ජුලි වෙද්දී ලක්ෂ හැට නොගෙව්වොත් අවුරුදු 9කට හිරේ!

බස්නාහිර පළාතේ මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ ඉඩමක් ගොඩකිරීම සඳහා අවසර ලබාදීමට අල්ලස් ගැනීමේ සිද්ධියකට වරදකරු වූ හිටපු ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට නියම කළ රුපියල් ලක්ෂ 100ක වන්දි මුදල 2027 වසරේ ජූලි 6 වැනිදාට පෙර ගෙවා නිම කළ යුතු බව කොළඹ මහාධිකරණය දැනුම් දුන්නේය.

එම නියෝගය පැහැර හැරියහොත්, අභියාචනාධිකරණ නියෝගය කඩකිරීමේ වරදට විත්තිකරුට වසර 9ක සිරදඬුවමක් නියම කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඊයේ (8) ප්‍රකාශ කළේය.

චුදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් එම වන්දි මුදල නියමිත පරිදි ගෙවන බවට අධිකරණය ඉදිරියේ පොරොන්දු වූ අතර, ඒ අනුව විත්තිකරු මුදාහරින ලදි. කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමට අනුමැතිය දීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 640ක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියට වරදකරු වූ ප්‍රසන්න රණතුංග මහතාට, රුපියල් ලක්ෂ 250ක දඩයක් සහ ලක්ෂ 100ක වන්දියක් ගෙවීමට කොළඹ මහාධිකරණය නිකුත් කළ නියෝගයට එරෙහිව ඉදිරිපත් කළ අභියාචන තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා පසුගියදා මෙම නඩුව කැඳවිණි.

හිටපු ඇමැති ප්‍රසන්න රණතුංගට එරෙහිව මෙම නඩුව පවරා තිබුණේ 2015 වසරේ අප්‍රේල් 10 වැනිදා ඉඩමක් ගොඩකිරීමට අවසර දීම සඳහා එස්. ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස් නමැති මොරටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 640ක මුදලක් ඉල්ලා, ඉන් රුපියල් ලක්ෂ 150ක මුදලක් ලබා ගැනීමේ චෝදනාවටය.

මීතොටමුල්ල ප්‍රදේශයේ තමන්ට අයත් ඉඩමක් සම්බන්ධයෙන් පැමිණිලිකරු වන ක්‍රිස්ටියන් ජෙරාඩ් මෙන්ඩිස් විසින් තම ඉඩමට යන මාර්ගයේ පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට එවකට මහ ඇමති ප්‍රසන්න රණතුංගගේ සහය ඉල්ලා සිට තිබුණි.

විත්තිකරු ඊට එකඟ වී අනවසර පදිංචිකරුවන්ට විකල්ප ඉඩම් ලබාදී ඔවුන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර, මෙම ඉඩම සංවර්ධනය කර රුපියල් මිලියන 204.8 කට විකුණා ඇත. ඉඩම විකිණීමෙන් ලැබෙන ලාභය වියදම් කිරීමෙන් පසු මුදල අඩු කර රණතුංග මහතා සහ මෙන්ඩිස් අතර බෙදා ගැනීමට එකඟතාවක් ඇති වී තිබුණි.

කෙසේ වෙතත්, මෙන්ඩිස් විසින් නිකුත් කරන ලද ඇතැම් චෙක්පත් වෙනස් කිරීමට නොහැකි වූ පසු ප්‍රසන්න රණතුංග මහතා පැමිණිලිකරුට දුරකථනයෙන් සහ පැමිණිලිකාර කාර්යාලයට පැමිණ අසභ්‍ය භාෂාවෙන් තර්ජනය කර මුදල් ඉල්ලා තිබේ. එහිදී රණතුංග මහතා තර්ජනය කර රුපියල් මිලියන 5ක චෙක්පත් ලබාගෙන එය මුදල් බවට පත්කර ගෙන ඇති අතර, පැමිණිලිකරුගෙන් පොරොන්දු පත්‍ර ලබා ගන්නා විට පැමිණිලිකරුගේ නමට රුපියල් මිලියන 40.2ක වටිනාකමකින් යුත් චෙක්පත් හයක් රණතුංග මහතා ළඟ තිබී ඇත.

ප්‍රසන්න රණතුංගට අමතරව ඔහුගේ බිරිඳ වන මොරිස් ස්ටෙලා රණතුංග සහ නරේන් කුමාර් ෆාරික් යන අය විත්තිකරුවන් ලෙස නම් කර අධිචෝදනා 5ක් යටතේ කොළඹ මහාධිකරණය ඉදිරියේ මෙම නඩුව පවරා තිබුණි. එහිදී 3 වැනි විත්තිකරු වන කුමාර් ෆාරුක් යන අය නඩුවට ඉදිරිපත් නොවීම නිසා, අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 241 වැනි වගන්තිය යටතේ විත්තිකරු නොමැතිව නඩු විභාගය පවත්වන ලදි.

එහිදී චුදිතයන්ට විරුද්ධව නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 113 (අ), 102 සහ 373 යන වගන්ති යටතේ චෝදනා ගොනුකිරීම සිදුවිය.

නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් එස්. ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයා ඇතුළු සාක්ෂිකරුවන් 7 දෙනකු ඉදිරිපත් කෙරුණු අතර, විත්ති පාර්ශ්වය වෙනුවෙන් 2 වැනි විත්තිකාර ස්ටෙලා රණතුංග විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කළ අතර ආර්.පී. නුවන් රාජපක්ෂ යන අය සාක්ෂි දෙන ලදි.

කොළඹ මහාධිකරණය 2022 ජූනි 06 වැනිදා ප්‍රකාශ කළ තීන්දුව අනුව ප්‍රසන්න රණතුංග වරදකරු බව ප්‍රකාශ කෙරිණි. ඒ අනුව ඔහුට බරපතළ වැඩ සහිතව වසර 2ක සිරදඬුවමක් නියම කළ අධිකරණය එය වසර 5කට අත්හිටුවීමට පියවර ගත්තේය. ඊට අමතරව රුපියල් ලක්ෂ 250ක දඩයක් සහ අගතියට පත් ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂ 100ක වන්දියක් ගෙවීමට නියම වූ අතර නඩුවේ දෙවැනි විත්තිකාරිය වූ ඔහුගේ බිරිඳ වන මොරිස් ස්ටෙලා රණතුංග යන අය නිදහස් කෙරිණි. එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසිනි.

ඉඩම සංවර්ධනය කිරීම සඳහා රණතුංග මහතාගේ බිරිඳ රුපියල් මිලියන 5ක් වැය කර ඇති බවට විත්ති පාර්ශ්වය කළ ප්‍රකාශය සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් අධිකරණයට හමු වී නැති බව විනිසුරුවරයා නඩු තීන්දුවේ සටහන් කර තිබුණි.

දඬුවම් නියම කිරීමේදී රණතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේ පසුගිය දිනවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන්හිදී ඔහුගේ නිවස ගිනි තබා ඔහු දැඩි දුෂ්කරතාවට පත් වූ බවත්, ඔහු බොහෝ දුෂ්කරතා මධ්‍යයේ පිහිටවූ ආණ්ඩුවක ඇමැතිවරයකු බැවින් දැඩි දඬුවම් ලැබුණහොත් රජය කෙරෙහි ජනතා විශ්වාසය නැති විය හැකි බවත්ය. එහෙත් ඊට විරෝධය පළ කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙන්වා දුන්නේ විත්තිකරු රාජ්‍ය බලතල යොදා ගනිමින් අපරාධයක් සිදු කර ඇති බැවින් උපරිම දඬුවම් ලබා දෙන ලෙසයි.

කොළඹ මහාධිකරණය නිකුත් කළ එම වරදකරු කිරීමේ නියෝගයට එරෙහිව විත්තිකරු විසින් අභියාචනයක් ඉදිරිපත් කරන ලද අතර, එම පෙත්සම මායාදුන්නේ කොරයා, පී. කුමාරන් රත්නම්, ශෂි මහේන්ද්‍රන්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ විභාගයට ගැනුණි. එහිදී විත්ති පාර්ශ්වය විසින් දඩ හා වන්දි මුදල් ගෙවීම සඳහා අමතර කාලයක් ඉල්ලා සිටි අතර, පැමිණිලි පාර්ශ්වය එම ඉල්ලීමට විරුද්ධ නොවිය.

අභියාචනය විභාග වූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා පෙත්සම්කාර ප්‍රසන්න රණතුංග මහතා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින්, වන්දි මුදල් සහ දඩ මුදල ගෙවීමට කාලය ලබාදෙන්නේ නම් අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බව සඳහන් කළේය.

එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි සහ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න යන මහත්වරුන් විරුද්ධ නොවන බව සඳහන් කිරීමෙන් පසු, අධිකරණය විසින් එම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලදී. ඒ අනුව 2025 සැප්තැම්බර් 11 වන දින අදාළ අභියාචනය ඒ මහතාගේ නීතිඥවරු විසින් අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගනු ලැබීය.

ඒ අනුව, චුදිත විසින් 2025 වසරේ ඔක්තෝබර් 1 වැනිදා සිට මසකට රුපියල් ලක්ෂ 10 බැගින් අගතියට පත් පාර්ශ්වය වෙත වාරික වශයෙන් වන්දි මුදල් ගෙවීමට අභියාචනාධිකරණය ඉදිරියේ එකඟ වී ඇත. විත්තිකරුට නියම කර ඇති ලක්ෂ 100ක වන්දි මුදලින් ලක්ෂ 40ක් මේ වන විටත් ගෙවා අවසන් කර තිබේ.

මෙහිදී විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා පෙනී සිටියේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka