දේශබන්දුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්!
2022 වසරේ පැවති 'අරගලය' සමයේදී සමාජ ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර මහතා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම තුළින් එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ උතුර විශේෂ විමර්ශන ඒකකයේ එවකට ස්ථානාධිපති නලින් ශ්‍රියන්ත යන නිලධාරීන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.
අදාළ අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවත්, ඒ හරහා සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් පවසමින් අනුරුද්ධ බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දී තිබේ.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණය හමුවේ තර්ක කළේ, කිසිදු සාධාරණ හේතුවකින් තොරව සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම හරහා පෙත්සම්කරුගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මෙන්ම අත්තනෝමතික ලෙස අත්අඩංගුවට නොගැනීමට ඇති අයිතිය ද බරපතළ ලෙස උල්ලංඝනය වී ඇති බවයි.
කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව තහවුරු වන බව සිය තීන්දුව මගින් ප්‍රකාශයට පත් කළේය.
මේ පුවත තව අයට බලන්න
දේශබන්දුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්!
2026-07-23T14:58:00+05:30
Gossip Lanka Hot News






