gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තවත් නියාවකවරයෙකු මිය යයි... මීගමු ගැටුමේ මරණ ගණන වැලිකඩ ගැටුමේ මරණ ගණන පන්නයි

මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී හටගත් ප්‍රචණ්ඩකාරී නොසන්සුන්තාවය අතරතුර බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු අද ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මරණයත් සමඟ මීගමුව බන්ධනාගාර සිදුවීමට අදාළව මියගිය සමස්ත පුද්ගල සංඛ්‍යාව 28 දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළේය. 

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මියගිය නියාමකවරයා ගැටුම පාලනය කිරීමට උත්සාහ කිරීමේදී රැඳවියන්ගේ ප්‍රහාරයකට ලක්ව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බවයි.

මෙම මරණ සංඛ්‍යාව අනුව එය 2012 වසරේ නොවැම්බර් මස 09 සහ 10 යන දිනවල වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමෙන් මියගිය රැඳවියන් සංඛ්‍යාව ඉක්මවා යයි.

මීගමුව බන්ධනාගාරය තුළ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගත්තේ රැඳවියන් පිරිසක් විසින් බන්ධනාගාර පරිපාලනයට එරෙහිව දියත් කළ විරෝධතාවයක් ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගැනීමත් සමඟිනි. 

බන්ධනාගාරය තුළ පවතින අධික තදබදය, සෞඛ්‍ය පහසුකම් පිළිබඳ ගැටලු සහ රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට ගත් තීරණවලට එරෙහිව මෙම විරෝධතාවය ආරම්භ වී තිබුණි.

ගැටුම උත්සන්න වීමත් සමඟ බන්ධනාගාර දේපළවලට දැඩි හානි සිදු වූ අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ මැදිහත් විය. 

මෙම ගැටුමෙන් පසු ආරක්ෂිත පියවරක් ලෙස මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් දිවයිනේ විවිධ බන්ධනාගාර වෙත මාරු කර යැවීමට බලධාරීන් පියවර ගත්තේය.

මෙසේ මාරු කර යැවූ රැඳවියන් අතරින් දෙදෙනෙකු ද මීට පෙර අඟුණකොළපැලැස්ස සහ බූස්ස බන්ධනාගාරවලදී ජීවිතක්ෂයට පත් වූහ. 

මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට නායකත්වය දුන් බවට සැක කෙරෙන "කටුවැල්ලේගම සුරේෂ්" නමැති රැඳවියා ඇතුළු පිරිසක් මේ වන විට බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය වෙත මාරු කර ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පොලිසිය මගින් විශේෂ විමර්ශන කිහිපයක්ම ක්‍රියාත්මක කර තිබේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka