gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කවුරුහරි එල්ලිල මලොත් රාජපක්‍ෂලා... හැබැයි යුද්දෙ දින්නෙ, හයිවේ-වරාය හැදුවෙ රාජපක්‍ෂලා නෙමෙයි - නාමල් රාජපක්ෂ

රටේ සිදුවන සෑම අහිතකර සිදුවීමකටම රාජපක්ෂවරුන් වගකිව යුතු බව පවසන වත්මන් රජය, රාජපක්ෂ පාලන සමයේ ඉටුකළ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිවල ගෞරවය පමණක් උදුරා ගැනීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, පසුගිය කාලසීමාව පුරාම බොරු සාක්ෂි නිර්මාණය කරමින් සහ විවිධ බලපෑම් එල්ල කරමින් රාජපක්ෂවරුන් දඩයම් කිරීමට උත්සාහ කළ බවයි.

"අද රටේ කවුරුහරි දිවි අහිමි කරගත්තත් ඒක රාජපක්ෂලාගේ පිටින් යවන්නයි ආණ්ඩුව බලන්නේ. හැබැයි මහින්ද රාජපක්ෂ මහතා අවසන් කරපු යුද්ධය, එතුමා හදපු අධිවේගී මාර්ග, පෝර්ට් සිටිය වගේ දැවැන්ත ව්‍යාපෘති ගැන කතා කරද්දී මේ ආණ්ඩුව කියන්නේ ඒවට අයිතිකාරයෝ ගොඩක් ඉන්නවා කියලා. හොඳ දේවල්වලට අයිතිකාරයෝ ගොඩයි, හැබැයි හැම නරක දේකටම රාජපක්ෂලා වැරදියි," යැයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ ගිණුම්වලට හැකර්වරුන් ඇතුළු වී මුදල් සොරකම් කිරීමේ සිද්ධීන් පවා තමන් සමඟ සම්බන්ධ කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරන බවත්, එය හාස්‍යයට කරුණක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ, ජනතාව මත දැඩි බදු බරක් පටවමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටු කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවයි. "එක් පැත්තකින් පත්තරවල කියනවා ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ ගැන 75%ක් සතුටුයි කියලා. හැබැයි ඒ පත්තරේම යට කෑල්ලේ තියෙනවා රටෙන් භාගයක් බඩගින්නේ කියලා. මේක කොහොමද ගැලපෙන්නේ?" යැයි ඔහු ප්‍රශ්න කළේය.

එමෙන්ම, යුද්ධය ජයග්‍රහණය කිරීමට කැපවූ රණවිරුවන් සහ බුද්ධි අංශ නිලධාරීන් සිරගත කරමින් ආණ්ඩුව දේශපාලන පළිගැනීම් සිදුකරන බවට ද මන්ත්‍රීවරයා චෝදනා කළේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධ ලිපිගොනු සඟවාගෙන සිටින නිලධාරීන් අද ආණ්ඩුවේ ඉහළ තනතුරුවල වැජඹෙන බවත්, සැබෑ වගකිවයුත්තන් සොයනු වෙනුවට දේශපාලන නාට්‍ය රඟදක්වන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka