gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගුරුවරයාගේ කාර් එක ගිනි ගත්තේ දරුවා තැබූ ගිනි කුරකින් - ආදි ශිෂ්‍ය සංගමය

කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ ගුරුවරයෙකුට අයත් මෝටර් රථයක් පාසල් භූමිය තුළදී ගිනි ගැනීමට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර ප්‍රතික්ෂේප කරමින් එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

2026 ජූලි මස 03 වන දින පස්වරුවේ සිදුවූ මෙම ගිනි ගැනීම සම්බන්ධයෙන් සිදුකළ CCTV පරීක්ෂාවකදී, එම විද්‍යාලයේම දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 08 හැවිරිදි සිසුවෙකු විසින් ගිනිකූරක් දැල්වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව අනාවරණය වී ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ආදි ශිෂ්‍ය සංගමය පවසන්නේ, සිසුවාගේ දෙමාපියන් විද්‍යාල බලධාරීන් හමුවේ සිය දරුවා අතින් මෙම වරද සිදුවූ බව පිළිගෙන ඇති බවයි. රථයට සිදුවූ හානිය වෙනුවෙන් වන්දියක් ගෙවීමට දරුවාගේ පියා එකඟ වී ඇති අතර, රක්ෂණ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා පමණක් පොලිස් පැමිණිල්ලක් සිදුකර තිබේ. එහිදී දරුවාගේ නම සඳහන් කිරීමට හෝ ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට ගුරුවරයා හෝ පාසල් පාලනාධිකාරිය කටයුතු කර නොමැති බව සංගමය අවධාරණය කරයි.

මෙම සිද්ධියට අදාළ CCTV දර්ශන සහ විවිධ තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදාහරිමින් පාසලේ කීර්තිනාමයට හානි කිරීමට ඇතැම් පිරිස් උත්සාහ දරන බව පවසන ආදි ශිෂ්‍ය සංගමය, වයස අවුරුදු 08ක කුඩා දරුවෙකු අතින් සිදුවූ අත්වැරදීමක් සම්බන්ධයෙන් පාසල ඉතා මානුෂීය ලෙස කටයුතු කර ඇති බව පෙන්වා දෙයි.

අගතියට පත් ගුරුවරයා පස්වන ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන, නොමිලේ අතිරේක පන්ති පවත්වන ගුරුවරයෙකු බවත්, මෙම සිද්ධියෙන් ඔහු දැඩි කම්පනයට පත්ව සිටින බවත් නිවේදනයේ සඳහන් වේ.

පාසල් කාලයෙන් පසුව දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව දෙමාපියන් මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බවත්, කුඩා දරුවන් අතට ජංගම දුරකථන ලබාදීමේදී එහි ආදීනව පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු බවත් ආදි ශිෂ්‍ය සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටී.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka