ඉන්දියාවෙන් ඩෙංගු එන්නතකට අනුමැතිය
ඉන්දියාවේ ප්‍රථම ඩෙංගු එන්නත ලෙස ජපානයේ ටකේඩා (Takeda) සමාගම මගින් නිෂ්පාදිත ‘Qdenga’ එන්නත භාවිතය සඳහා ඉන්දීය ඖෂධ පාලක ජනරාල්වරයා (DCGI) විසින් අනුමැතිය ලබා දී තිබේ.මෙම එන්නත මාත්‍රා දෙකකින් යුක්ත වන අතර, පළමු මාත්‍රාව ලබා දී මාස තුනකට පසුව දෙවන මාත්‍රාව ලබා දීමට නියමිතය.
2022 සිට ‘QDENGA’ එන්නත රටවල් 43ක අනුමත කර ඇති අතර, ගෝලීය වශයෙන් මාත්‍රා මිලියන 32කට වඩා බෙදා හැර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඩෙංගු බහුලව පවතින කලාප සඳහා මෙම එන්නත නිර්දේශ කර ඇති අතර, එන්නතට පෙර පරීක්ෂණ අවශ්‍ය නොවන බැවින් ඉහළ ව්‍යාප්තියක් ඇති ප්‍රදේශවල මහජන ප්‍රතිශක්තිකරණ වැඩසටහන්වලට මෙය ඇතුළත් කර ඇත.
ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පිහිටි Biological E සමාගම සමග එක්ව වසරකට මෙම එන්නත් මාත්‍රා මිලියන 50 ක් නිෂ්පාදනය කිරීමට ටකේඩා සමාගම සැලසුම් කර කර ඇතිබව ද වාර්තා වේ.
වයස අවුරුදු 4 ත් 60 ත් අතර පසුවන ඕනෑම අයෙකුට මෙම එන්නත ලබා ගැනීමේ හැකියාව පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඩෙංගු වෛරසයේ ප්‍රධාන ප්‍රභේද හතරටම (DENV-1, DENV-2, DENV-3 සහ DENV-4) එරෙහිව මෙම එන්නත මගින් සාර්ථකව ආරක්ෂාව සපයන අතර, මීට පෙර ඩෙංගු වැළඳී ඇත්දැයි පරීක්ෂා කිරීමකින් තොරවම මෙය ලබා දිය හැකි වීම විශේෂත්වයකි.
ඉන්දියාවෙන් ඩෙංගු එන්නතකට අනුමැතිය
2026-07-20T22:39:00+05:30
Gossip Lanka Hot News






