ව්‍යාපාරිකයින්ගෙන් කෝටි ගණනක මුදල් වංචා කළ රනිල්ගේ මන්ත්‍රීවරිය සිරිකොතේ දී අත්අඩංගුවට!
පිටකොටුවේ රෙදි පිළි ව්‍යාපාරිකයින් හයදෙනෙකු රවටා රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු හොරණ නාගරික මන්ත්‍රීනි රේනුකා දමයන්ති වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර කාන්තාව එම ව්‍යාපාරිකයින් රවටා ඔවුන්ට අගරු චෙක්පත් ලබා දී රුපියල් කෝටි 16කට ආසන්න මුදලක් වංචා කර ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් ඇය කලක පටන් එම ව්‍යාපාරිකයින් මගහරිමින් සිට ඇති අතර පෙරේදා (18) ඇය සිරිකොතට පැමිණ සිටින බවට ලද තොරතුරුක් මත එම ව්‍යාපාරිකයින් පොලිසිය සමග එහි ගොස් තිබේ.
එහිදී පොලිසිය හා එම කාන්තාව අතර උණුසුම් බහින්බස්වීමක්ද හටගෙන ඇති අතර මිරිනා පොලි මිරිහාන පොලිසිය මගින් ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
පසුව මිරිහාන පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනවලදී අදාළ මන්ත්‍රීවරිය පිළිබඳව සත්‍ය කරුණු අනාවරණය වී තිබේ.
ඒ අනුව සැකකාරිය මිරිහාන පොලිසිය විසින් වත්තල පොලිසිය වෙත භාර දීමට කටයුතු කර ඇත.
කෙසේවෙතත් අදාළ කාන්තාව ඊයේ (19) වත්තල වැඩබලන මහේස්ත්‍රාත් මෙරිල් බොතේජු හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඇය ලබන 21 වනදා දක්වා බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
ව්‍යාපාරිකයින්ගෙන් කෝටි ගණනක මුදල් වංචා කළ රනිල්ගේ මන්ත්‍රීවරිය සිරිකොතේ දී අත්අඩංගුවට!
2026-07-20T11:24:00+05:30
Gossip Lanka Hot News






