gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මීගමුව බන්ධනාගාරයේ ගැටුම මෙහෙයවූ බව කියන ‘කටුවැල්ලේගම සුරේෂ්ට’ සීරිමක්වත් නෑ!

මීගමුව බන්ධනාගාරය යුද පිටියක් බවට පත්කළ ගැටුම් ආරම්භයට හේතු වූ එහි රැඳවියන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්පූර්ණයෙන්ම මෙහෙයවා ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කටුවැල්ලේගම සුරේෂ් නැමැත්තා විසින් බව විමර්ශනවලින් හෙළි වී ඇත.

දින දෙකක් තිස්සේ බන්ධනාගාරය තුළ දරුණු ගැටුම් ඇති වුව ද මෙම ගැටුම් ඇති කළ කටුවැල්ලේගම සුරේෂ් නැමැති ජාවාරම්කරුට කිසිදු තුවාලයක් හෝ අනතුරක් සිදුවී නැති බව පොලීසිය පවසයි.

මෙම ජාවාරම්කරු මේ වනවිට බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ නිරුපද්‍රිතව සිටින බව ද පොලිසිය පවසයි.

මෙම ගැටුම් වලදී පළමු දිනයේ ඝාතනයට ලක්වූ රැඳවියන් දෙදෙනා අමානුෂික ලෙස පහර දී කපා කොටා මරාදැමීම සුරේෂ්ගේ ප්‍රධානත්වයෙන් සිදු වී ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

මෙම පුද්ගලයන් දෙදෙනා මෙසේ ඝාතනය කර තිබුණේ ඔවුන් විසින්, සුරේෂ් බන්ධනාගාරය තුළ සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව තොරතුරු බන්ධනාගාර නිලධාරීන්ට ලබාදුන් බව කියන සිදුවීමක් මත බව මේ වනවිට හෙළි වී ඇත.

මෙසේ ඝාතනයට ලක්වූ රැඳවියන් දෙදෙනා කලක් කටුවැල්ලේගම සුරේෂ්ගේ කල්ලියට සම්බන්ධ වී සිටි ඔහුගේ සමීපතමයන් දෙදෙනෙකි.

එහෙත් පසුව ඔවුන් සුරේෂ්ගේ කල්ලියෙන් වෙන් වී වෙනම සංවිධානාත්මක පිරිසක් සමග බන්ධනාගාරය තුළ සිට ඇත.

බන්ධනාගාර නිලධාරීන්ට තම මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව තොරතුරු ලබාදුන් බව කියන සිද්ධිය මුල් කරගෙන සුරේෂ් සිය සගයන් සමග එක්ව සිය ප්‍රතිවාදීන්ට මෙසේ අමානුෂික ලෙස පහර දී ඇති බව හෙළි වී තිබේ.

කටුවැල්ලේගම සුරේෂ් කොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, විවිධ පුද්ගලයන්ට පහර දී කපා කොටා තුවාල කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙකි.

මීගමුව අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව මොහු මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි බව ද මේ වනවිට අනාවරණය වී ඇත.

කටුවැල්ලේගම සුරේෂ් නැමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ කොළඹ අපරාධ කොට්ඨාසය ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිතය.

(දිවයින)
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka