gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රැඳවියන් රජයේ රැකවරණයේ සිටින්නන්ය... ඔවුනගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමකි..- එක්සත් ජාතීන්ගේ සංවිධානය

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා සිය බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටියි. මෙරට බන්ධනාගාර පද්ධතියේ යටිතල පහසුකම් නංවාලීම සඳහා නව ආයෝජනයන්හි අවශ්‍යතාව පෙන්වා දෙන එම සංවිධානය, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ස්වාධීන කමිටුවක් පත් කිරීම ද ඇගයීමට ලක් කර ඇත.

නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ, අවම වශයෙන් පුද්ගලයන් 27 දෙනෙකුට ජීවිත අහිමි කරමින් සහ 100කට අධික පිරිසකට තුවාල සිදු කරමින් ඇති වූ මෙම ප්‍රචණ්ඩ ක්‍රියාව පිළිබඳව තමන් දැඩි ලෙස කම්පනයට පත්ව ඇති බවයි. මියගිය අයගේ පවුල්වලට සිය ශෝකය පිරිනමන එම සංවිධානය, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටියි.

බන්ධනාගාර නිලධාරීන් රජය සහ මහජනතාව වෙනුවෙන් අතිශය දුෂ්කර සේවාවක නිරත වන බවත්, රැඳවියන් රජයේ රැකවරණය සහ ආරක්ෂාව යටතේ පසුවන පිරිසක් බවත් එම නිවේදනයේ දැක්වේ.

බන්ධනාගාර කාර්ය මණ්ඩලයේ මෙන්ම රැඳවියන්ගේ ද ආරක්ෂාව තහවුරු කිරීම රජයේ මූලික වගකීමක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.

“මියගිය සහ තුවාල ලැබූ රැඳවියන් රජයේ රැකවරණය යටතේ සිටි පිරිසකි. බන්ධනාගාර පද්ධතිය තුළ සේවය කරන පිරිස් මෙන්ම එහි රඳවා සිටින පිරිස් ද ඉහළ ආරක්ෂාවකට හිමිකම් කිව යුතුය. එම ආරක්ෂාව තහවුරු කිරීම රජයේ මූලික වගකීමකි,” එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

බන්ධනාගාරවල පවතින අධික තදබදය, යල් පැන ගිය ක්‍රමවේද සහ රැඳවුම් මධ්‍යස්ථානවල පවතින දුර්වල තත්ත්වයන් වැනි දීර්ඝකාලීන ගැටලු විසඳීම සඳහා ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ අඛණ්ඩව ආයෝජනය කිරීමේ අවශ්‍යතාව මෙම ඛේදවාචකය මගින් මතු කර පෙන්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූලව රැඳවියන්ගේ සුබසාධනය, ආරක්ෂාව සහ යහපැවැත්ම ඉහළ නැංවීමට ශ්‍රී ලංකාව බැඳී සිටින බව ද එහි සඳහන් වේ.

මෙම සිදුවීමට අදාළ කරුණු විමර්ශනය කිරීම සඳහා ස්වාධීන කමිටුවක් පත් කිරීමට රජය ගත් තීරණය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇගයීමට ලක්ව ඇති අතර, එම කමිටුවේ සොයාගැනීම් බන්ධනාගාර තත්ත්වයන්හි තිරසාර දියුණුවක් ඇති කිරීමට දායක වනු ඇතැයි එම සංවිධානය බලාපොරොත්තු පළ කරයි.

බන්ධනාගාර ආරක්ෂාව ශක්තිමත් කිරීම, රැඳවුම් කොන්දේසි වැඩිදියුණු කිරීම සහ බන්ධනාගාර නිලධාරීන්ගේ සුබසාධනය වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීමට තමන් සැමවිටම සූදානම් බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය යළිත් තහවුරු කර ඇත.



gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka