gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගම්පහ ඔස්මන්ගේ පුතා අභියාචනාධිකරණයට – තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලයි!

ගම්පහ ඔස්මන් හෙවත් ඔස්මන් ගුණසේකරගේ පුත්‍රයා විසින් ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම්කර සිටින කොළඹ අපරාධ කොට්ඨාසේ අධ්‍යක්ෂකවරයා ඇතුළු පිරිසට සැප්තැම්බර් මස 03 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ශෂී මහේන්ද්‍රන් සහ ආදිත්‍ය බාල පටබැඳීගේ යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් නියෝග කර තිබේ.

අදාල පෙත්සම තුළින් පෙත්සම්කරු කියා සිටින්නේ තමන් වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු බවත් ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගේ පියා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශන සිදු කෙරෙන බවත් ය. පසුගිය මැයි 13වනදා දින තම පියාගේ නිවස සෝදිසි කොට ගිනිඅවි දෙකක් සොයාගත් බවත් එම ගිනි අවිවලට නීතියානුකූල බලපත්‍ර තිබූ බවත් එහෙත් නීතිවිරෝධිව අවි තබාගත් බවට මාධ්‍ය මගින් වැරදි ප්‍රචාරයක් ගෙන ගිය බවත් පෙත්සම්කරු සිය පෙත්සම මඟින් පෙන්වා දී තිබේ.

එමෙන්ම කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස තමන්ට ද දැනුම් දීමක් සිදු කර ඇතැයි සඳහන් කළ පෙත්සම්කරු තමා අවස්ථා කිහිපයකදීම එම කොට්ඨාශයට ගොස් ප්‍රකාශ ලබාදුන් බවත් එහිදී කෙහෙල්බද්දර පද්මේ තායිලන්තයේ සිටියදී ඔහු හා සම්බන්ධතා පවත්වා තිබේදැයි ප්‍රශ්න කළ බවත් තර්ජනාත්මක ස්වරූපයෙන් තමාගෙන් ප්‍රශ්න කිරීම් සිදු කළ බවත් පෙත්සම්කරු පවසයි.

එහෙයින් මෙම තත්ත්වය යටතේ තමන්ව ඕනෑම මොහොතක අත්අඩංගුවට ගැනීමේ තත්ත්වයක් උද්ගත වී ඇති බවත් ඒ අනුව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka