gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අධිකරණ ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගයක්! අනුරවත් උපුටා දක්වමින් හේතු 10ක් එළියට!

බන්ධනාගාර තුළ පවතින දැඩි තදබදය සහ අධිකරණ පද්ධතියේ පවතින ගැටලුකාරී තත්ත්වයන් මූලික කරගනිමින්, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය කටයුතු යොදා ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

එම යෝජනාවට තම පක්ෂයේ පූර්ණ සහයෝගය පළ කරන බවත්, එය ගෙන ඒමට ප්‍රධානතම හේතු 10ක් බලපාන බවත් ඔහු ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

ගම්මන්පිල මහතා පෙන්වා දුන් පරිදි එම හේතු 10 පහත පරිදිය.

1) රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම : 2022 නීති සංශෝධනයෙන් පසු මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළව ඇප ලබාගැනීම තීරණය වන්නේ රස පරීක්ෂක වාර්තා මතය. කෙසේ වෙතත්, එම දෙපාර්තමේන්තුවේ ධාරිතාවය වැඩි කිරීමට අධිකරණ ඇමතිවරයා අසමත් වීම නිසා සැකකරුවන් බන්ධනාගාරගතවීමේ ප්‍රවණතාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

2) නීතිපති දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු: නිලධාරීන්ගේ සංඛ්‍යාව වැඩි කර ගැනීමට අසමත් වීම අධිකරණ ක්‍රියාවලියේ ප්‍රමාදයට හේතු වී ඇත.

3) පහළ අධිකරණ විනිසුරුවන්ගේ හිඟය: විනිසුරුවන් සංඛ්‍යාව වැඩි කිරීමට පියවර නොගැනීම.

4) ඉහළ අධිකරණ පුරප්පාඩු: පුරප්පාඩු පිරවීම සඳහා ජනාධිපතිවරයා පොළඹවා ගැනීමට ඇමතිවරයා අසමත් වීම.

5) අධිකරණ සේවා කොමිසම අකර්මන්‍ය වීම: පහළ අධිකරණවල පුරප්පාඩු පිරවීමට කොමිසම යොමු කරවා ගැනීමට නොහැකි වීම.

6) නෛතික ගැටලු පවතිද්දී පියවර නොගැනීම: ඉහත ගැටලු විසඳන තෙක් 2022 ගෙනා නීති සංශෝධනය තාවකාලිකව හෝ අත්හිටුවීමට පියවර නොගැනීම.

7) බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙකු නොමැති වීම: තුෂාර උපුල්දෙණිය මහතා අසාධාරණ ලෙස සේවයෙන් අත්හිටුවා ඇති අතර, මානව හිමිකම් කොමිසමේ නිර්දේශ නොසලකා හරිමින් ස්ථිර නිලධාරියෙකු පත් නොකිරීම.

8) පොලිසියට අනවශ්‍ය පීඩනයක් එල්ල කිරීම: මත්ද්‍රව්‍ය විරෝධී මාධ්‍ය සංදර්ශන නිසා පොලිසිය ඉලක්ක සපුරා ගැනීමට “කුඩු දමා” නඩු දැමීමේ අවදානම් තත්ත්වයකට පත්වීම.

9) රජයේ නිලධාරීන් තීන්දු ගැනීමට බිය වීම: වැරදීම් සිදු කරන නිලධාරීන්ට දඬුවම් දීමේ ප්‍රතිපත්තිය නිසා රජයේ නිලධාරීන් වගකීමෙන් බැහැර වී, වැඩ නොකර සිටීමේ ප්‍රතිපත්තියකට තල්ලු වී තිබීම.

10) ප්‍රතිපත්තිමය වගකීම: 2020 දී වත්මන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සිරකරුවෙකු බන්ධනාගාර තුළදී මියගියහොත් ඒ වගකීම බාරගෙන අධිකරණ ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බවයි. මාලිමාවේ එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින්, වත්මන් ඇමතිවරයා ඉල්ලා අස්විය යුතුය.

තවද, 2022 සිට 2026 දක්වා වසර හතර තුළ බන්ධනාගාර සිරකරුවන් සංඛ්‍යාව දෙගුණයකින් වර්ධනය වී ඇති බවත්, ඉන් 75%ක්ම රිමාන්ඩ් සිරකරුවන් බවත් ගම්මන්පිල මහතා පැවසීය.

මෙම පීඩනය නිසා සිරකරුවන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ගැටුම් ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතින බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

තමන් මීට වසරකට පෙර පැවසූ “නිව්ටන්ගේ හතරවන නියමය” නැත්නම් ‘දිට්ට ධම්ම වේදනීය කර්මය” මේ වන විට සැබෑ වී ඇති බවත්, අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා විපක්ෂයේ සිටියදී කළ ප්‍රකාශ සහ දැන් කරන ක්‍රියා සපුරා වෙනස් බවත් ගම්මන්පිල මහතා අවධාරණය කළේය.

බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහාය කෙසේ වෙතත්, රටේ බහුතර ජනතාව මෙම විශ්වාසභංග යෝජනාවට සහාය පළ කරන බව සිය විශ්වාසය බව ඔහු වැඩිදුරටත් පැවසීය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka