gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිටපු පොලිස්පති මරණයට පෙර ගෝඨා, සලේ, සාරා හා පාස්කු ප්‍රහාරයේ රහස් රැසක් හෙළිකරලා?

ශ්‍රී ලංකාවේ 35 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා අද (17) උදෑසන අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී වෙඩි පහරකට ලක්ව අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. සිය ආරක්ෂක නිලධාරියෙකුගේ ගිනි අවියක් යොදාගෙන හිසට වෙඩි තබා ගැනීමෙන් මෙම මරණය සිදුව ඇති බවට මූලික සැකයක් පවතින අතර මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ වී තිබේ.

මේ අතර සිය යූටියුබ් නාලිකා ඔස්සේ විශේෂ වැඩසටහනක් ඉදිරිපත් කරමින් මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා විසින් හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා මියයෑමට පෙර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත ලබා දී ඇති ඉතා තීරණාත්මක සාක්ෂියක් පිළිබඳ කරුණු අනාවරණය කර තිබේ. 

 ඔහු ලබා දුන් අදාළ ප්‍රකාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2026 මාර්තු 11 වන දින අධිකරණය ඉදිරිපත් කර ඇති බවයි වාර්තා කර ඇත. 

හිටපු පොලිස්පතිවරයා සිය ප්‍රකාශය මගින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ, සාරා ජස්මින් සම්බන්ධයෙන් මෙන්ම ඉන්දීය බුද්ධි ප්‍රධානියකු සමග සිදු කළ සාකච්ඡාවක්ද මෙම ප්‍රකාශයට ඇතුළත්ව ඇති බව ඒම වැඩසටහනේ සදහන්ය.

විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකාරියක වන 'සාරා ජැස්මින්' මියගිය බව තහවුරු කිරීම සඳහා DNA පරීක්ෂණ නැවත නැවතත් සිදු කරන ලෙස සුරේෂ් සලේ මහතා ජාතික ආරක්ෂක මණ්ඩලයේදී සඳහන් කිරීම පුරුද්දක් ලෙස සිදුකළ බවද වික්‍රමරත්න මහතා විසින් ලබා දී තිබූ ප්‍රකාශයේ අන්තර්ගත බව සඳහන්ය. 

බන්ධනාගාර තදබදය සම්බන්ධයෙන් සහ රස පරීක්ෂක වාර්තා පිළිබඳ පොලිසියේ කාර්යභාරය පිළිබඳවද ඔහුගේ මෙම ප්‍රකාශය තුළ කරුණු අන්තර්ගත වී තිබූ බව මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා හෙළිකර තිබෙනවා.

එමෙන්ම, සාරා ජැස්මින් පිළිබඳව ඉන්දීය බුද්ධි අංශ නිරන්තරයෙන් විමසීම් කළ බවත්, ඇය පිළිබඳ නිශ්චිත තොරතුරක් නවදිල්ලිය අපේක්ෂා කරන බවත් ඉන්දීය බුද්ධි ප්‍රධානියෙකු තමන්ට පැවසූ ආකාරය පිළිබඳවද හිටපු පොලිස්පතිවරයා මෙම ප්‍රකාශයේදී හෙළි කර ඇතැයිද වීඩියෝව හෙලි කරයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka