පාතාල රහස් රැසක් සැගවූ චමුදිතගේ වීඩියෝවේ වාරණය ගලවන්න පෙර විජේදාසට අධිකරණයෙන් නියෝගයක්!
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් තමන්ට එරෙහිව ලබාගෙන තිබූ අධිකරණ වාරණ නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබේ.
‘Truth with Chamuditha’ යූටියුබ් නාලිකාව ඔස්සේ විජයදාස රාජපක්ෂ සහ ඔහුගේ පුත් රඛිත රාජපක්ෂ යන මහත්වරුන් සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක හෙළිදරව්වකට එරෙහිව මෙම වාරණ නියෝගය ලබාගෙන තිබුණි.
කෙසේ වෙතත්, රඛිත රාජපක්ෂ මහතා මේ වන විට බරපතල අල්ලස් චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටීම හේතුවෙන්, අදාළ වාරණ නියෝගය තවදුරටත් පවත්වාගෙන යාම යුක්ති සහගත නොවන බව පවසමින් චමුදිත සමරවික්‍රම මහතා මෙම නීතිමය පියවර ගෙන ඇත.
අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස චමුදිත සමරවික්‍රම මහතා කළ ඉල්ලීම සලකා බැලීමට අධිකරණය තීරණය කළ අතර, ඒ සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඒවා ගොනු කරන ලෙස විජයදාස රාජපක්ෂ මහතාට දන්වා සිටියේය.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ නමැත්තාට සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ 1200ක (කෝටි 12ක) අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රඛිත රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින හරක් කටා සාමාන්‍ය සිරකරුවෙකු ලෙස බන්ධනාගාරගත කිරීමට පහසුකම් සැලසීම සඳහා මෙම අල්ලස ලබාගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා කරයි.
මෙම සිද්ධියට අදාළව රඛිත රාජපක්ෂ මහතාට අමතරව, සමගි ජනබලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ අරුණ වරුෂවිතාන යන අයද අද (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
මේ පුවත තව අයට බලන්න
පාතාල රහස් රැසක් සැගවූ චමුදිතගේ වීඩියෝවේ වාරණය ගලවන්න පෙර විජේදාසට අධිකරණයෙන් නියෝගයක්!
2026-07-17T11:43:00+05:30
Gossip Lanka Hot News






