gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආර්ථිකය ගොඩදාමින් ඉන්නේ.. ජනතාවට අපහසුතා දරාගන්න වෙනවා... ඒක සාමාන්‍යයි...- මනුවර්ණ

රටේ ආර්ථිකය යළි ගොඩනැගීමේ ක්‍රියාවලියේදී ජනතාවට යම් යම් අපහසුතාවලට මුහුණ දීමට සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා පවසයි. අධිකරණ කටයුත්තක් සඳහා සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

පසුගිය දිනවල තමාට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තු දෙකක් ආපසු කැඳවා ගැනීම සඳහා මෝසමක් ඉදිරිපත් කිරීමට මන්ත්‍රීවරයා අධිකරණයට පැමිණ සිටියේය. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් නඩු වාර දෙකකට සහභාගී වීමට නොහැකි වීම නිසා මෙම වරෙන්තු නිකුත් කර තිබූ අතර, කරුණු සලකා බැලූ අධිකරණය එම වරෙන්තු ආපසු කැඳවීමට නියෝග කළේය.

බිත්තර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම සහ ආර්ථික කළමනාකරණය පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, 2022 වසරේ පැවති බංකොලොත් භාවයෙන් රට මුදාගෙන මේ වන විට ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට රජය සමත්ව ඇති බවයි.

 "විවිධ පර්යේෂණ වාර්තාවලින් පවා පෙනී යනවා අප ආර්ථිකය කොතරම් හොඳින් කළමනාකරණය කර තිබෙනවාද කියා. නමුත් මැදපෙරදිග යුද්ධය වැනි බාහිර සාධක නිසාත්, කාලයෙන් කාලයට ඇතිවන උච්චාවචනයන් නිසාත් මිල ගණන්වල වෙනස්වීම් සිදුවිය හැකියි. එවැනි අවස්ථාවලදී ජනතාවට යම් අපහසුතා දරාගැනීමට සිදුවීම සාමාන්‍ය දෙයක්," යැයි ඔහු පැවසීය.

භාණ්ඩාගාරය පිරී පවතින බවට කෙරෙන ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, භාණ්ඩාගාරය පිරී ඇත්තේ ජනතාව ගෙවන බදු මුදල්වලින් බවත්, ඒවා පෞද්ගලික පරිභෝජනය සඳහා නොව රටේ සංවර්ධනය සහ ජනතා සුභසාධනය වෙනුවෙන් විධිමත් ලෙස කළමනාකරණය කළ යුතු බවත් අවධාරණය කළේය. රජය මේ වන විට එම මුදල් නිසි පරිදි ආයෝජනය කරමින් රට ඉදිරියට ගෙන යන බව ඔහුගේ අදහසයි.

මන්ත්‍රී වැටුප් සම්බන්ධයෙන් පවතින කතාබහ පිළිබඳව ද මනුවර්ණ මහතා මෙහිදී අදහස් දැක්වීය. තමන් වැටුප් ලබාගන්නේ ද නැද්ද යන්න තීරණය කිරීම තමන්ගේ අයිතියක් බවත්, වැටුප් ලැබුණත් නැතත් තමන්ට පැවරුණු වගකීම් සහ කාර්යභාරය නිසි පරිදි ඉටු කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka