gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨාගේ කාබනික පොහොර ව්‍යාපෘතිය ජවිපෙ කුමන්ත්‍රණයක්… මහ මොළකරු අශෝක රන්වල…!

පසුගිය අවුරුදු හැට පුරාම නව ආණ්ඩුවක් බලයට පැමිණි වහා රට විනාශ කළ යුතු යැයි සිතූ එකම කණ්ඩායම ජවිපෙ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන පවසයි. 2022 පොහොර හිඟය අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ගෙන ආ කාබනික පොහොර ව්‍යාපෘතිය මුළුමනින්ම විනාශ කළේ අශෝක රන්වල බවට ඔහු චෝදනා කරයි.

එය ගෝඨාභය රාජපක්ෂද පිළිගත් බවත් ඔහුගේ ආණ්ඩුව යටතේ සමස්ත කාබනික පොහොර ව්‍යාපෘතියම භාරගෙන ඇත්තේ අශෝක රන්වල බවත් හෙතෙම සඳහන් කරයි.

අශෝක රන්වල සිය සමාගම වෙනුවෙන් එම සාකච්ඡා මේසයේද සිටියද ඔහු ජවිපෙ බව දැනගත්තේ බොහෝ කලකට පසු බවද ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර තිබේ.

එම කාබනික පොහොර ව්‍යාපෘතිය මුළුමනින්ම විනාශ කිරීමට වගකිව යුතු පුද්ගලයා අශෝක රන්වල බවද ප්‍රසාද් සිරිවර්ධන අවධාරණය කරයි.

ඒ වෙනුවෙන් නිර්මාණය කළ වෙබ් අඩවි දෙක පවා අනතුරුව අතුරුදන් වූ බවත් සිදුකළ කුමන්ත්‍රණයට ප්‍රතිඋපකාරයක් ලෙස අශෝක රන්වලට කතානායක ධුරය ලැබුණු බවද ප්‍රසාද් සිරිවර්ධන සඳහන් කරයි.

මාවනැල්ලේ පැවති සජබ ජනහමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka