gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

“මම කියන්නේ, ආණ්ඩුව තමා…excuses ඕනේ නෑ” – බන්ධනාගාර ගැටුමේ වගකීම අධිකරණ ඇමති භාරගනී!

මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් තමා දැඩි කම්පනයට සහ කනගාටුවට පත්ව ඇතැයි අධිකරණ අමාත්‍ය නිතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි. අද (06) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, තමා යටතේ ඇති ආයතනයක මෙවැනි ගැටුමක් හට ගත් බැවින් එහි වගකීම තමාට භාරගැනීමට සිදුවන බවය.

කෙසේවෙතත් මේ වනවිට තත්ත්වය සමතයකට පත්කර ඇතැයි ද පැවසු අමාත්‍යවරයා, කාගේ හෝ ජීවිතයක් අහිමි වීම අනුමත කළ නොහැකි බවත් ඉදිරියේ දී මෙැවනි තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කළ යුතු බවත් පැවසීය.

මෙම ගැටුම පතාලයේ කල්ලි දෙකක් අතර ඇති වූ දෙයක් බවද සඳහන් කර සිටි අධිකරණ අමාත්‍යවරයා, ගැටුම විසඳීමට නිලධාරීන් උපරිමයෙන් කටයුතු කර ඇති බවද කියා සිටියේය.

“එතැන මනුස්ස ජීවිත නැතිවීම ගැන බලවත් කම්පනයක් තියෙනවා. මියගිය අයගේ පවුල්වල අයගේ පවුල්වලට බලවත් ශෝකය සහ කනගාටුව ප්‍රකාශ කරන්න ඕනේ. අපි එතැනට ගිහින් වෙලා තියෙන දේ හොයලා ඉදිරියේ දී මෙවැනි දෙයක් නොවෙන්න වග බලාගන්න ඕනේ. කාටවත් මේකේ වරද පටවනවා නෙමෙයි. ඇත්තටම කම්පනයක් තියෙනවා අධිකරණ ඇමතිවරයා වශයෙන් මගේ භාරයේ තියෙන ආයතනයකයි මේක වෙන්නේ. එ් නිසා ඒ වගකීම භාරගන්න වෙනවා. 

දැන් තියෙන්නේ පසුතැවීමට වඩා මේක වුණේ කොහොමද? ප්‍රශ්නේ කොතැන ද? කවුරු හෝ වැරදියට කටයුතු කරලා තියෙනවා ද ? ගැටලුව ඇති වුණේ කොහොමද ?  ඉදිරියේ දී මේවා ඇති නොවන්නේ කොහොමද කියලා බලන එක. ඉතා ඉක්මනින් මේකට පිළියම් යොදන්න ඕනේ කියන තැන ඉන්නවා.

සමහර වෙලාවට මෙවැනි දේවල් සිදුවෙනවා. මේක සාධරණීකරණය කරන්නත් බෑ. සුළු කොට තකන්නත් බෑ. මොකද මිනිස් ජීවිත නැති වෙලා තියෙනවා. මේ ගැන තව හොයලා බලන්න ඕනේ.”
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka