gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කපිල චන්ද්‍රසේනගේ බිරිඳ අල්ලන්න අල්ලස්-CID නිලධාරීන් කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවට!

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වෙනුවෙන් 2013 වසරේදී ගුවන් යානා 10ක් මිලදී ගැනීමේ ගනුදෙනුවේදී යුරෝපීය සමාගමකින් ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් වන විමර්ශන දැඩි කරමින් අල්ලස් කොමිසමේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (20) ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ.

මෙම ගමනේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ සිද්ධියේ දෙවන සැකකාරිය වන හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියන්කා නියෝමාලි විජේනායක සහ තෙවැනි සැකකාර ශමීන්ද්‍ර රාජපක්ෂ යන අයට එරෙහිව අන්තර්ජාතික පොලිසිය හරහා ඉදිරි නීතිමය පියවර ගැනීමයි.

කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් මීට පෙර මොවුන්ට එරෙහිව ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තු නිකුත් කර තිබූ අතර, හිටපු කථානායක චමල් රාජපක්ෂ ගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ වෙත ද මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත.

අදාළ අල්ලස් මුදල් තැන්පත් කළ බවට පැවසෙන බැංකු ගිණුමක හිමිකරුවකු වන, දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි ඩබ්ලිව්. ඩී. නිමල් පෙරේරා නැමැත්තාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව අල්ලස් කොමිසම සඳහන් කරයි.

එමෙන්ම, දෙවැනි සැකකාරියගේ ඕස්ට්‍රේලියානු බැංකු ගිණුම් පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය අධිකරණ නියෝග ද මේ වන විට ලබාගෙන ඇති බව CIDය තහවුරු කරයි.

මේ අතර, සිද්ධියේ පළමු සැකකරු වූ කපිල චන්ද්‍රසේන පසුගියදා අභිරහස් ලෙස මියගිය අතර, ඒ පිළිබඳ මරණ පරීක්ෂණය කොටුව අධිකරණයේදී විභාග වේ.

දෙවැනි සහ තෙවැනි සැකකරුවන්ට එරෙහි නඩු කටයුතු කොටුව සහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ දැනටමත් ගොනුකර ඇත.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka