gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

House OF Fasion හිමිකරුට අමානුෂික හිංසා... වරද පිලිගන්නැයි බලපෑම් - නීතීඥයන් උසාවියට දන්වති!

ප්‍රකට ව්‍යාපාරික ආයතනයක් වන හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු රේගු නිලධාරීන්ගේ භාරයේ පසුවන අතරතුර ඔහුට අමානුෂික ලෙස සලකා ඇති බවත්, ඒ හේතුවෙන් ඔහුගේ ජීවිතය පවා අනතුරට පත්ව ඇති බවත් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

පසුගිය 16 වැනිදා ප්‍රකාශයක් ලබාදීම සඳහා රේගු කාර්යාලයට ගිය අවස්ථාවේදී, එදින මධ්‍යම රාත්‍රිය වනතුරු ඔහුට ආහාර හෝ ජලය ලබා නොදී දැඩි කායික හා මානසික පීඩනයකට ලක් කර ඇති බව නීතිඥවරයා පෙන්වා දුන්නේය.

මෙම අමානුෂික සැලකීම හමුවේ ව්‍යාපාරිකයා දැඩි ලෙස රෝගාතුර වී ඇති අතර, මේ වන විට ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

රේගු නිලධාරීන් පිරිසක් බොරැල්ලේ පිහිටි ව්‍යාපාරික ස්ථානයට කඩා වැදී පරිගණක, පරිපාලන ලේඛන සහ ජංගම දුරකථන අත්අඩංගුවට ගෙන ඇති බවත්, ව්‍යාපාරිකයා ලවා බලහත්කාරයෙන් වරද පිළිගන්වා ගැනීමට උත්සාහ කර ඇති බවත් මෙහිදී අනාවරණය විය.

"වරද පිළිගත්තොත් අත්අඩංගුවට නොගෙන නිදහස් කරනවා" යැයි පවසමින් රේගු නිලධාරීන් ඔහුට තර්ජනය කර ඇති බව නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

සැකකරු රඳවා තබාගෙන සිටි ස්ථානය පිළිබඳව නිසි තොරතුරු ලබා නොදීම සහ ඔහුව රේගු භූමියේ නවතා තිබූ වාහනයක රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ද විත්තියේ නීතිඥවරු දැඩි විරෝධය පළ කළහ.

රේගු ආඥා පනත යටතේ මෙතෙක් නිශ්චිත චෝදනාවක් ගොනු කර නොමැති පසුබිමක, ව්‍යාපාරිකයෙකුට මෙලෙස සැලකීම බරපතල තත්ත්වයක් බව ඔවුහු පෙන්වා දුන්හ.

මේ අතර, රේගු දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ රේගු ආඥා පනතේ වගන්ති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි.

කරුණු සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත්වරයා, රෝහල් ගත කර සිටින සැකකරු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. සැකකරු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම පිළිබඳ තීන්දුව ප්‍රකාශ කිරීම සඳහා නඩුව ලබන 23 වැනිදාට කල් තබන ලදී.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka