gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සලේට සිදු කරන වධ හිංසා වාර්තාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට!

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතාට බන්ධනාගාරය තුළ සිදුවන අමානුෂික සැලකීම් පිළිබඳව තමන් කළ ප්‍රකාශ අසත්‍ය නම්, තමන්ට එරෙහිව නඩු පවරන ලෙස පිවිතුරු හෙල උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පොලීසියට අභියෝග කරයි.

මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ, සුරේෂ් සලේ මහතාට සිදුවන වධහිංසා පිළිබඳ තමන් ඉදිරිපත් කළ කරුණු සියල්ල කොටුව මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළ පිටු 25ක අධිකරණ වෛද්‍ය වාර්තාව සහ සලේ මහතාගේ පවුලේ සාමාජිකයන් ලබාදුන් තොරතුරු මත පදනම් වූ ඒවා බවත්ය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් නිකුත් කළ නිවේදනයකට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, සලේ මහතාට විශේෂ හිරිහැරයක් නොකරන බවත් අනෙකුත් සිරකරුවන්ට සලකන ආකාරයටම ඔහුට සලකන බවත් පොලීසිය පවසන බවයි.

"මේ හරහා පොලීසිය පිළිගෙන තියෙන්නේ සෑම සිරකරුවෙකුටම සතෙකුටත් අන්ත විදිහට සලකන බවද? සෑම සිරකරුවෙක්ම නිර්වස්ත්‍ර කර පහර දෙන බවද? සිරකරුවන් ඉදිරියේම ඔවුන්ගේ ගුද මාර්ගයට ඇඟිලි ගසා පරීක්ෂා කරන බවද?" යනුවෙන් ගම්මන්පිල මහතා ප්‍රශ්න කළේය.

සිරකරුවන්ද මනුෂ්‍යයන් බව පවසන තාප්ප ඇතුළේ මෙවැනි අමානුෂික දේ සිදුවන බව පොලීසිය ලිඛිතව පිළිගෙන ඇති බැවින්, ඒ පිළිබඳව සොයා බලන ලෙස ඔහු මානව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

සලේ මහතාට සිදුවන අමානුෂික වධහිංසා පිළිබඳව මේ වන විටත් අභියාචනාධිකරණයට, මහේස්ත්‍රාත් අධිකරණයට සහ මානව හිමිකම් කොමිසමට දැනුම් දී ඇති බව මන්ත්‍රීවරයා පැවසීය. මීට අමතරව, 2026 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත එක්සත් ජාතීන්ගේ වද හිංසා පිළිබඳ විශේෂ නියෝජිතයාට (UN Special Rapporteur on Torture) ඉදිරිපත් කිරීම සඳහා වාර්තාවක් සකස් කරමින් පවතින බවද ඔහු අනාවරණය කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka