gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් හමුවූ චන්ද්‍රිකා ‘ශාසන ශෝධනයක්’ ඉල්ලයි! මාධ්‍යයට අවසර නෑ…

පැන නැගී ඇති ශාසනික අර්බුද හමුවේ බුදු දහමේ චිරස්ථිතිය උදෙසා වහාම ක්‍රියාත්මක වන පරිදි ‘ශාසන ශෝධන’ වැඩපිළිවෙළක් සහ ධර්ම සංගායනාවක් කැඳවන ලෙස ඉල්ලා පසුගිය සතියේ ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා වෙත විශේෂ ලිපියක් යොමු කළ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක අද (07) මල්වතු අස්ගිරි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සහ අනුනායක හිමිවරුන් හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය.
පල්ලේගම හේමරතන හිමියන්ගේ සිද්ධියත් සමඟ ශාසනයට එල්ල වූ ප්‍රහාර සහ ඒවා සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර, මෙම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍ය වෙත අවසර ලබා දී නොතිබීම විශේෂත්වයකි.

තමන් විසින් මහානායක හිමිවරුන් වෙත මීට පෙර යොමු කරන ලද ලිපියේ අන්තර්ගතය සම්බන්ධයෙන් ද හිටපු ජනපතිනිය මෙහිදී මහානායක හිමිවරුන් වෙත කරුණු දක්වා තිබේ.

වත්මන් බුද්ධ ශාසනය ඉතිහාසයේ බරපතලම අභියෝගවලට මුහුණ දී සිටින බැවින්, හුදකලා සිදුවීම් දෙස බලා තීරණ ගන්නවාට වඩා පුළුල් ‘ශාසන ශෝධන’ වැඩපිළිවෙළක් සහ ධර්ම සංගායනාවක් හරහා මේ සඳහා ස්ථිර විසඳුම් සෙවිය යුතු බව ඇය එම ලිපියෙන් පෙන්වා දී තිබුණි.

එමෙන්ම මීට පෙර 1956 වසරේදී සහ ඉන් දශක හතරකට පසු  ඇගේ පාලන සමයේදී මඩිහේ පඤ්ඤාසීහ මහානායක හිමියන්ගේ මැදිහත්වීමෙන් දියත් කිරීමට උත්සාහ කළ මෙවැනි ශාසනික වැඩපිළිවෙළවල්, එවකට සිටි වරප්‍රසාදිත පාර්ශ්වයන්ගේ විරෝධය හේතුවෙන් අසාර්ථක වූ ආකාරය ද හිටපු ජනපතිනිය එහිදී සිහිපත් කර ඇත.

-අසේල කුරුළුවංශ
 

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka