gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අනුරාධපුර ළමා කතාවේ චෝදනාවලට ලක්මාලිගෙන් උත්තර!

ජාතික ළමාරක්ෂක අධිකාරියේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඇති වී තිබෙන සාකච්ඡාව සහ තමන් සම්බන්ධ කරමින් පළ වී ඇති පුවත්වල අඩංගු අසත්‍ය කරුණු මොනවාදැයි පැහැදිලි කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය ඊයේ (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කළා.

මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරිය,  බීබීසි ලිපියෙහි සඳහන් වන ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂකවරිය, පොලිසි විමර්ශන පිළිබඳ විවේචනය කරමින් කරුණු දැක්වීම තුළින් විමර්ශන නිලධාරීන් අධෛර්යමත් කර ඇති බවට තමන් ප්‍රකාශ කළ බව පවසන කරුණත්,  මසක් වැනි කෙටි කලක් තුළ සැකකරු අත්අඩංගුවට ගැනීමේ වරදක් නැති බව තමන් ප්‍රකාශ කර ඇති බව කියන කරුණත් අසත්‍ය බව ප්‍රකාශ කළා.

එමෙන්ම ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පවසන්නේ,  “කෙවිටක් රැගෙන පොලිසිය පසුපස යාමට සිදුවූ බව ප්‍රකාශ කළේ කුමන පදනමක් මතදැයි” ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂකවරියගෙන් ප්‍රශ්න කර ඇති බවට සඳහන් වන කරුණ අසත්‍ය බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිල මාධ්‍ය නිහඬ වී ඇති පසුබිමක, යූටියුබ්කරුවන්ට ආයුධ සපයමින් රජය සහ පොලිසිය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ වැරදි මතයක් ජනගත කිරීමට වෙරදරා ඇති බවට තමන් ප්‍රකාශ කොට ඇති බවට කියන කරුණ ද අසත්‍ය බව ඇය පවසනවා.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka