නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙනතුරු පළාත් සභා ඡන්දය පවත්වන්නේ නැහැ - අගමැතිනිය පාර්ලිමේන්තුවට කියයි
පවතින මනාප (සමානුපාතික) නියෝජන ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව සහමුලින්ම ප්‍රතික්ෂේප කළ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, පළාත් සභා මැතිවරණය පවත්වනු ලබන්නේ නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීමෙන් පසුව පමණක් බව ඊයේ (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, පළාත් සභා තුළ කාන්තා සහ තරුණ නියෝජනය ප්‍රමාණවත් පරිදි තහවුරු කිරීමකින් තොරව මැතිවරණයක් පැවැත්වීමෙන් පලක් නොවන බවයි.
මේ පුවත තව අයට බලන්න
නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙනතුරු පළාත් සභා ඡන්දය පවත්වන්නේ නැහැ - අගමැතිනිය පාර්ලිමේන්තුවට කියයි
2026-06-11T07:07:00+05:30
Gossip Lanka Hot News






