gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහ බැංකුවෙන් හදිසි ගැසට්ටුවක්... සියළු ඩොලර් රුපියල් කරන්න නීතියක්!

අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති මාලාව තවදුරටත් සංශෝධනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති සහ පාලක මණ්ඩලයේ සභාපති පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් (අංක 2492/10) නිකුත් කර තිබේ. 

"2026 අංක 02 දරන අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති" ලෙස හැඳින්වෙන මෙම නව රෙගුලාසි, පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලබන දිනයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය. මෙයින් 2024 ජුලි මස 01 දිනැති ගැසට් පත්‍රයේ පළ වූ මුල් රීති මාලාවේ 4 වන සහ 6 වන රීතීන් අවලංගු කර නව විධිවිධාන ආදේශ කර ඇත. 

නව සංශෝධනයට අනුව, ඕනෑම මාසයක් තුළ භාණ්ඩ අපනයනකරුවන් විසින් මෙරටට ගෙන්වා ගනු ලබන අපනයන ආදායම්, පහත සඳහන් අවසරලත් ගෙවීම් සඳහා පමණක් භාවිත කළ යුතු අතර, ඉන්පසු ඉතිරි වන ශේෂය එළැඹෙන මාසයේ 10 වන දින හෝ ඊට ප්‍රථම අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කළ යුතු වේ.

    • ජංගම ගනුදෙනු: එක් මසක වගකීම් ද ඇතුළුව අපනයන ව්‍යාපාරයට අදාළ ජංගම ගනුදෙනු සඳහා වන ගෙවීම්. 

    • ණය පියවීම්: විදේශ විනිමය පනත හෝ බැංකු පනත යටතේ මහ බැංකු විධානවලට අනුකූලව, භාණ්ඩ අපනයනකරුවන් විදේශ මුදලින් ලබාගෙන ඇති ණය සහ වාරික පියවීමේ වියදම්. 

    • ලාභාංශ සහ වැටුප්: අනේවාසික ආයෝජකයින්ට ප්‍රකාශිත ලාභාංශ ගෙවීම් සහ විදේශීය ජාතිකයන් හෝ ද්විත්ව පුරවැසිභාවය හිමි ප්‍රවාසික සේවකයන්ගේ වැටුප් ගෙවීම්. 

    • ව්‍යාපාරික සංචාර: අපනයන ව්‍යාපාරයේ සංචාරක අරමුණු වෙනුවෙන් විදේශ ව්‍යවහාර මුදල් නෝට්ටු ලබා ගැනීම් හෝ අරමුදල් කිරීම්. 

    • රජයේ සුරැකුම්පත් ආයෝජන: ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන විදේශ මුදල්වලින් නම් කරන ලද ණය සුරැකුම්පත්වල ආයෝජනය කිරීම සඳහා, අදාළ අපනයන ආදායමෙන් 10%ක ප්‍රතිශතයක් දක්වා සිදු කරන ගෙවීම්. 

    • චක්‍ර භාණ්ඩ හා සේවා අපනයනකරුවන්: විදේශ විනිමය පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව විදේශ මුදලින් වගකීම් පවතින, චක්‍ර භාණ්ඩ හා සේවා අපනයනකරුවන්ට සිදු කරනු ලබන අවසරලත් ගෙවීම්. 

එමෙන්ම, 6 වන රීතියට සිදු කර ඇති සංශෝධනයට අනුව, අපනයන ඉපැයීම්වලින් විදේශ මුදල් ගෙවීම් ලබන සෑම චක්‍ර භාණ්ඩ හා සේවා අපනයනකරුවෙකුම, තමන්ට ලැබෙන ආදායමෙන් ඉහත සඳහන් (i) සිට (v) දක්වා වූ අවසරලත් ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව, ඉතිරි වන සමස්ත ශේෂය එළැඹෙන මාසයේ 10 වන දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කළ යුතු බව මහ බැංකුව අවධාරණය කරයි. 

මෙම පියවර හරහා මෙරට විදේශ විනිමය ද්‍රවශීලතාව ඉහළ නැංවීම සහ අපනයන ක්ෂේත්‍රයේ මූල්‍ය විනය තවදුරටත් ශක්තිමත් කිරීම රජයේ සහ මහ බැංකුවේ අපේක්ෂාව වී තිබේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka