gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පල්ලේගම අපචාරය නිසා ලක්මාලි BBC ඇගට ගොඩවේ!

ජනමාධ්‍ය වෙත තොරතුරු ලබාදෙන පුද්ගලයන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමට යෝජනා කරමින් සහ මාධ්‍ය වාර්තාවල මූලාශ්‍ර හෙළි කරන ලෙස බලපෑම් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ක්‍රියා කළ ආකාරය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැක තිබේ.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සමස්ත මාධ්‍ය ප්‍රජාවගෙන් සහ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම හැසිරීමට එරෙහිව කොන්දේසි විරහිතව පෙළගැසෙන ලෙසයි.

බීබීසී සිංහල වෙබ් අඩවිය උපුටා දක්වමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දෙන්නේ, ළමා අපයෝජන සැකකරුවෙකු වන පල්ලේගම හේමරතන භික්ෂුව හා සබැඳි සිදුවීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පැවැත්වූ රැස්වීමකදී මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි.

එහිදී ජාතික ළමාරක්ෂක අධිකාරියේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් චෝදනාත්මකව අදහස් දැක්වූ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය, ඒ පිළිබඳව මාධ්‍ය වෙත කරුණු පවසන පුද්ගලයන්ට එරෙහිව පාර්ලිමේන්තු වරප්‍රසාද ප්‍රකාරව කටයුතු කරන බව ප්‍රකාශ කර ඇත.

මීට අමතරව, අදාළ මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් බීබීසී ආයතනයෙන් ප්‍රශ්න කර ඇති මන්ත්‍රීවරිය, එහි මූලාශ්‍ර හෙළි කරන ලෙස බලපෑම් සහගත උත්සාහයක නිරත වී ඇති බවද නිරීක්ෂණය වන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

ශිෂ්ඨ සම්පන්න සමාජයක දෝෂ දර්ශනයට ලක්විය යුතු මෙවැනි පසුබිමක, තොරතුරු ලබාදෙන්නන් වරප්‍රසාද කමිටුවට කැඳවීමට දැරූ උත්සාහය කිසිසේත් අනුමත කළ නොහැක්කකි.

එමෙන්ම මෙම රැස්වීමට සහභාගී වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ද සමාජ මාධ්‍ය පාලනය කිරීම සඳහා 'මාර්ගගත ක්‍රමවේදවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත' (භාවිතා කිරීමට යෝජනා කර ඇති බව මාධ්‍ය වාර්තාවලින් අනාවරණය වී තිබේ.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ලසන්ත ද සිල්වා සහ ලේකම් දිලීෂා අබේසුන්දර යන මහත්ම මහත්මීන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර දුන් පොරොන්දුවලට සහ ජනතා අපේක්ෂාවන්ට මේ සියලු ක්‍රියාවන් සපුරා පටහැණි බවයි.

මන්ත්‍රීවරියකට තම දේශපාලන ව්‍යාපාරයට සේවය කිරීමට අයිතියක් තිබුණද, ජනතා අභිලාෂයන් හෑල්ලුවට ලක් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය මිහිදන් කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත්, මෙවැනි මාධ්‍ය මර්දනකාරී උත්සාහයන්ට එරෙහිව හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් එම සංවිධානය අවධාරණය කරයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka