ජනතාවට කෙසේ වෙතත් ඇමතිලට ප්‍රතිලාභ ලැබිලා… ලාල් ලොකු ගෙයක් හදලා… වසන්ත විජය වගේ ලස්සන වෙලා… දුඹුරුවට හිමි නාමලුත් සුදු වෙලා..!
ආණ්ඩුව ජනතාවට ආර්ථික ප්‍රතිලාභ දෙන බවට බොරු කියමින් මැති ඇමතිවරුන්ට ප්‍රතිලාභ දෙන බව දක්නට ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.
“ලාල්කාන්ත ඇමතිතුමා කියනවා ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය හදලා ජනතාවට ප්‍රතිලාභ දෙනවලු. ලාල්කාන්ත කියන ප්‍රතිලාභ ජනතාවට ලැබිලා නෑ. ලාල්කාන්තලා බලයට එද්දි පොහොර මල්ලක් අටදහයි. දැන් දාහත්දාහයි දහඅටදාහයි.
ඊයේ පෙරේදා ලාල්කාන්තගේ ගේ දැක්කා. එයාට නම් ආර්ථික ප්‍රතිලාභ ලැබිලා. වසන්ත සමරසිංහ ලස්සන වෙලා, දැන් විජය කුමාරතුංග වගේ. දුඹුරු පාටට හිමි නාමල් කරුණාරත්න සුදු වෙලා. ඒගොල්ලන්ට ආර්ථික ප්‍රතිලාභ ලැබිලා.”
ඔහු මේ බව කීවේ සජබ හොරොව්පතාන සජබ ක්‍රියාකාරී හමුව අමතමිනි.
ජනතාවට කෙසේ වෙතත් ඇමතිලට ප්‍රතිලාභ ලැබිලා… ලාල් ලොකු ගෙයක් හදලා… වසන්ත විජය වගේ ලස්සන වෙලා… දුඹුරුවට හිමි නාමලුත් සුදු වෙලා..!
2026-06-15T11:00:00+05:30
Gossip Lanka Hot News





