gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

DNA පරීක්‍ෂණයට කිරි ඉතිරීමේ මංගල්ලය මැද ශ‍්‍රී මහා බෝධියේ අත්තක් කඩා වැටේ.. රහසිගතව සගවයි..

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ප්‍රධාන ශාඛාවකට බරපතල හානි සිදුවී ඇති බවත්, එසේ කඩා වැටුණු අත්ත මේ වන විට රහසිගතව ස්ථානයක තබා අගුලු ලා ඇති බවත් අන්තර්ජාල නාලිකාවක් වාර්තා කරයි.
එහි තොරතුරුවලට අනුව, මෙම හානිය සිදුව ඇත්තේ පරිවාර බෝධි ශාඛාවක් ඉවත් කිරීමට යාමේදීය.
එම අත්ත කඩා වැටීම නිසා ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ප්‍රධාන අත්තකට හානි සිදුව ඇති අතර, උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ශාක විශේෂඥයෙකුගේ මැදිහත් වීමෙන් එම කොටස් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

කපා ඉවත් කරන ලද අත්ත මේ වන විට සන්නිපාත ශාලාව නම් ස්ථානයේ දමා දොරගුලු ලා ඇති බව ද අනාවරණය වී තිබේ.

අටමස්ථානය තුළ පවතින පරිපාලන අර්බුදයක් මධ්‍යයේ මෙම සිදුවීම වාර්තා වීම විශේෂත්වයකි.

මල්වතු පාර්ශ්වයේ මහා සංඝ සභාව විසින් පල්ලේගම හේමරතන හිමියන්ගේ පදවිය තාවකාලිකව අත්හිටුවා වෙනත් හිමිනමක වැඩබැලීම සඳහා පත් කළ ද, තවමත් තීන්දු තීරණ ගනු ලබන්නේ චෝදනා ලබා සිටින හේමරතන හිමියන් බවට ද තොරතුරු පළ වේ.

ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආයු අපේක්ෂාවට බලපෑම් එල්ල වන අයුරින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව වැලි මළුවේ ටෙරා කොටා ඇතිරීම වැනි කටයුතු ද මීට පෙර සිදු කර ඇති බව මීට පෙර අනාවරණය වී තිබුණි.

මේ අතර, චෝදනා ලැබ සිටින භික්ෂුවකගේ අපල දුරු කිරීම සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඩීඑන්ඒ පරීක්ෂණයට ආශිර්වාද ලබා ගැනීම සඳහා 'සතර දොරටු කිරිවීමේ මංගල්‍යය' වැනි විශේෂ පූජාවන් ද ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පැවැත්වීමට සූදානම් කර ඇති බව ද වාර්තා වේ.
-lankacnews


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka