gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සලේ අඛණ්ඩ උපවාසයේ.. බට මගින් ආහාර දමයි..

රෝහල්ගත කිරීමෙන් පසුවද ආහාර වර්ජනය අත්හැර නොමැති රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට වෛද්‍ය නිර්දේශ මත බට මගින් ආහාර ලබාදීමට රෝහල් බලධාරීන් පියවර ගනිමින් සිටින බව ඔහුගේ පවුලේ ඥාතීන් අනාවරණය කරයි.

ත්‍රස්ත විරෝධී පනතේ ප්‍රතිපාදනවලට අනුව, පසුගිය පෙබරවාරි 25 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගනු ලැබීය.

ඉන් අනතුරුව රැඳවුම් නියෝග මත තබාගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකළ අතර, එහිදී ඔහු ආරම්භ කළ උපවාස ව්‍යාපාරය හේතුවෙන් සෞඛ්‍ය තත්ත්වය පිරිහීම නිසා පසුගිය 07 වැනිදා ඔහුව කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගැනුණි.

පැන නැගී ඇති සෞඛ්‍ය අවදානම සලකා බලා, විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි කෘතිම බට මාර්ගයෙන් ඔහුට පෝෂණය ලබාදීමට කටයුතු සූදානම් වෙමින් පවතින බව ඥාතීන් වැඩිදුරටත් සඳහන් කරයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka