gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජබට තියෙන්නේ විකල්ප 3යි... විපක්ෂයේ නිෂ්ක්‍රීයභාවය ගැන හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් මෙන්ම හිටපු හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අතර විශේෂ දේශපාලන සාකච්ඡාවක් හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී පවත්වා තිබේ. රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වී ඇත.

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය දේශපාලන කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යන බව මෙහිදී සාකච්ඡා වී තිබේ. කෙසේ වෙතත්, ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටත ද අතිශය නිෂ්ක්‍රීය භූමිකාවක් රඟදක්වන බවට පැමිණ සිටි හිටපු මන්ත්‍රීවරයෙකු චෝදනා කළේය.

මෙම කතාබහට මැදිහත් වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සජබ ඉදිරි ගමන සඳහා විකල්ප තුනක් පෙන්වා දුන්නේය. ඒ අනුව සජබට ඇති විකල්ප වන්නේ; එක්කෝ නාමල් රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුව සමඟ එකතු වීම, නැතහොත් ඒකාබද්ධ විපක්ෂය සමඟ එකතු වීම, නැතහොත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය (මාලිමාව) සමඟ එකතු වීමයි. මෙයින් පළමු විකල්ප දෙක සජබ විසින් ඉටු කරනු ඇතැයි සිතීමට අපහසු බැවින්, ඔවුන් අවම වශයෙන් තුන්වන විකල්පය හෝ තෝරාගත යුතු බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

මීට අමතරව, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ එංගලන්ත සංචාරය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. අගමැතිනිය එංගලන්තයේ එතරම් ප්‍රසිද්ධ නොවන ස්ථානවල දේශන පවත්වන බවත්, මේවා නිල සංචාරයන් ද යන්න ඉදිරියේදී සෙවීමට සිදුවනු ඇති බවත් එහි සිටි හිටපු මන්ත්‍රීවරයෙකු උපහාසාත්මකව ප්‍රකාශ කර සිටියේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka