gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අද වුණත් රට භාරගන්න සූදානම්, ආර්ථික අර්බුදයට විසඳුමත් අප සතුයි – දිලිත් ජයවීර කියයි

මේ මොහොතේ වූවද රට භාර ගැනීමට තමන් සූදානම් බවත්, පවතින දැඩි සාර්ව ආර්ථික අර්බුදය විසඳීමට අවශ්‍ය නිවැරදි හා ප්‍රායෝගික වැඩපිළිවෙළ තමන් සතු බවත් සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර Acacia Campus Theatre ශාලාවේදී පැවැති “කැක්කුම Sri Lanka - Mingle with Dilith” විශේෂ මහජන හමුවට එක්වෙමිනි. සර්වජන බලය සහ මෙල්බර්න් සහෝදරත්වය (Melbourne Solidarity) ඒකාබද්ධව සංවිධානය කළ මෙම හමුව සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.

අද වන විට ඇමරිකානු ඩොලරය වේගයෙන් ඉහළ යන්නේ ගල්ෆ් කලාපයේ පවතින යුද තත්ත්වය නිසාම නොවන බව පෙන්වා දුන් දිලිත් ජයවීර මහතා, රජය ඩොලර්වලින් ගෙවා රුපියල්වලින් බදු අය කරමින් ප්‍රාථමික ගිණුම පෙන්වා පාරම්බෑව ද එය "ඉඟුරු දී මිරිස් ගැනීමක්" වැනි ක්‍රියාවක් බව කියා සිටියේය. කේන්ද්‍රීය උපායමාර්ගික වැඩපිළිවෙළක් නොමැතිව රටක් ජයග්‍රහණය කරවිය නොහැකි බවත්, සර්වජන බලය සාම්ප්‍රදායික පොරොන්දු හෝ මඩ දේශපාලනයෙන් බැහැරව තරුණ පරපුර පිළිගන්නා තර්කානුකූල වැඩපිළිවෙළක් මත පමණක් ක්‍රියාත්මක වන බවත් ඔහු අවධාරණය කළේය.

අද රට දුන්නොත් අදම කරනවා:

රටේ පවතින වත්මන් අර්බුදය හමුවේ 2029 වසර දක්වා නොසිට දැන්ම රට පාලනය කිරීමට අවස්ථාවක් ලැබුණහොත් එය කළමනාකරණය කරන්නේ කෙසේදැයි නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, "දැන් දුන්නොත් දැන් කරනවා, අද දුන්නොත් අද කරලා පෙන්නනවා" යනුවෙනි. ඕනෑම සංකීර්ණ ප්‍රශ්නයක මුල සරල බවත්, අද රටේ නැතිවී ඇත්තේ ඩොලර් නොව නායකත්වය පිළිබඳ විශ්වාසය බැවින් පැය කිහිපයක් ඇතුළත ජනතාව සමඟ අවංක සංවාදයකට ගොස් එම විශ්වාසය ගොඩනැගිය හැකි බවත් ඔහු පැවසීය.

තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) විරුද්ධ නොමැති වුව ද, වත්මන් ආණ්ඩුව පෞරුෂයක් සහ දැනුමක් නොමැතිව IMF වැඩසටහන ක්‍රියාත්මක කිරීම නිසා රට තවත් අර්බුදයකට ගොස් ඇති බවත්, අපෙන් ණය අයකර ගැනීමට සිටින ණය හිමියන් අපට වඩා අසරණ තත්ත්වයක පසුවන බැවින් නිසි රාජ්‍යතාන්ත්‍රික ශක්තියක් භාවිත කරමින් මෙම අර්බුදය විසඳිය යුතු බවත් දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka