gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මේ රට ගොඩනගන්න පුළුවන් ලේ අයිතිය තියෙන්නේ රාජපක්ෂවරුන්ටයි - අනූෂා දමයන්තිගෙන් නාමල්ට ප්‍රසිද්ධියේ ආරාධනාවක්!

"මේ රට අයිති කාටද? මේ රට ගොඩනගන්න පුළුවන් ලේ අයිතිය තියෙන්නේ කාටද? රාජපක්ෂවරුන්ට......" යනුවෙන් ප්‍රකාශ කරමින්, රාජපක්ෂ පරපුරේ මහා වංශයේ ඉතිරි පරිච්ඡේදය ලිවීම සඳහා ඉදිරියට එන ලෙස ප්‍රසිද්ධ රංගන ශිල්පිනී අනූෂා දමයන්ති මහත්මිය අනාගත ජනාධිපතිවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතාට ප්‍රසිද්ධියේ ආරාධනා කළාය.

පානදුර ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැවැන්ත මහජන රැළියක් අමතමින් ඇය මේ බව කියා සිටියාය.

රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනතාව අමතමින් අනූෂා දමයන්ති මහත්මිය අවධාරණය කළේ, මේ රට පිළිබඳව සැබෑ කැක්කුමක් පවතින්නේ සහ රට නැවත ගොඩනැගීමට නියම ලේ අයිතිය හිමිව ඇත්තේ රාජපක්ෂවරුන්ට පමණක් බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැමැති ඒ කේසර සිංහයා, ඒ මහා සේනාධිනායකයා රට ගොඩනගා නතර කළ තැනින්, රට නැවත වතාවක් ගොඩනැගීමේ නායකත්වය භාරගන්නා ලෙස ඇය නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියාය.

අනාගත ජනාධිපතිවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා හඳුන්වා දෙමින් ඇය කියා සිටියේ, රාජපක්ෂ නායකත්වයේ මහා වංශයේ ඉතිරි පරිච්ඡේදය ලිවීම සඳහා මෙරට පොදු ජනතාව අනිවාර්යයෙන්ම ඔහුට අවස්ථාව සලසා දෙනු ඇති බවයි. මේ වන විටත් මෙරට ජනතාව එම සත්‍යය නැවත වතාවක් ඔප්පු කර පෙන්වා ඇති බව ද ඇය සිය හැඟුම්බර කතාවේදී වැඩිදුරටත් සඳහන් කළාය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka