gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහා භාණ්ඩාගාරයේ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය සියදිවි නසාගැනීමක් බවට තහවුරු වෙයි

මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සේවය කළ, වැඩ තහනමට ලක්ව සිටි සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය සම්බන්ධයෙන් පත් කරන ලද සිව් පුද්ගල අධිකරණ වෛද්‍ය මණ්ඩලය සිය අවසන් නිගමනය ප්‍රකාශයට පත් කර තිබේ. 

එම වාර්තාවට අනුව, මියගිය නිලධාරියාගේ සිරුරේ දක්නට ලැබුණු සියලුම තුවාල ඔහු විසින්ම සිදුකරගත් ඒවා (Self-inflicted) බව තහවුරු වී ඇත. තියුණු ආයුධයකින් සිදු වූ බහු කැපුම් තුවාල හේතුවෙන් ඇති වූ දරුණු රුධිර වහනය මෙම මරණයට සෘජු හේතුව බව එම වෛද්‍ය වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තුන්වන පාර්ශවයකට මාරුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි නිලධාරීන් සිව්දෙනා අතරින් මොහු එක් අයෙකු වූ අතර, ඔහුගේ සිරුර නිවසේ ගෙවත්තේ තිබියදී සොයාගැනීමත් සමඟ මරණය සම්බන්ධයෙන් දැඩි සැකයක් මතු විය. 

එම සැකය දුරු කිරීම සඳහා විශේෂ අධිකරණ වෛද්‍ය උපදේශක මණ්ඩලයක් පත් කළ අතර, ඔවුන්ගේ විද්‍යාත්මක පරීක්ෂණ මගින් මෙය සියදිවි නසාගැනීමක් බවට මේ වන විට නිල වශයෙන් නිගමනය කර තිබේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka